The Quran in Sinhala - Surah Humazah translated into Sinhala, Surah Al-Humazah in Sinhala. We provide accurate translation of Surah Humazah in Sinhala - السنهالية, Verses 9 - Surah Number 104 - Page 601.

| وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ (1) ඕපාදූප කියමින් අඩු ලූහුඬුකම් කතා කරමින් ඇවිදින්නන් සියල්ලන්ටම විනාශයයි |
| الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ (2) වස්තුව එක්රැස් කර, එය (හොඳ මාර්ගයෙහි වියදම් නොකර එසේ) අදහස් කරමින්ම සිටින්නාහ |
| يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ (3) මෙවැන්නා ඇත්තෙන්ම තමන්ගේ වස්තුව තමන්ට සදාකල්ම (ලොවෙහි) ස්ථීරව තිඛෙන්නට සලස්වනු ඇතැයි අදහස් කරමින් සිටින්නේය |
| كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ (4) එසේ නොව. (නියත වශයෙන්ම ඔහු මරණයට පත් වන්නේය). නියත වශයෙන් හුතමා (නමැති නිරයෙහිද) වීසි කරනු ලබන්නේය |
| وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ (5) (නබියේ!) හුතමා (යනු) කිමෙක්දැයි ඔබ දන්නෙහිද |
| نَارُ اللَّهِ الْمُوقَدَةُ (6) (එය) අල්ලාහ් විසින් දවන ලද ගින්නකි |
| الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ (7) (එය ශරීරයෙහි වැදුනු වහාම) හෘදයෙහි පණිනු ඇත |
| إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ (8) (එහි) ෙදාරටුද වසා දමනු ලැබේ |
| فِي عَمَدٍ مُّمَدَّدَةٍ (9) (නිරයෙහි ඇති) අති විශාල කඹ වලින් ඔවුන්ව බඳිනු ලැබේ |