The Quran in Sinhala - Surah Qadr translated into Sinhala, Surah Al-Qadr in Sinhala. We provide accurate translation of Surah Qadr in Sinhala - السنهالية, Verses 5 - Surah Number 97 - Page 598.
بِّسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (1) නියත වශයෙන්ම අපි මෙය (මෙම කුර්ආනය ඉතාමත් ගෞරවයෙන් පිරි) ලෙයිලතුල් කද්ර් නමැති එක් රාත්රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු |
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ (2) (නබියේ!) එම ගෞරවයෙන් පිරි රාත්රියේ (මහිමය) ඔබ දන්නෙහිද |
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ (3) ගෞරවයෙන් පිරි එම රාත්රිය මාසයන් දහසකට වඩා ඉතාමත් උසස් වන්නේය |
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ (4) එහි මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ) ආත්මයද, තම දෙවියන්ගේ නියෝගයට අනුව (සිදු විය යුතු) සියලූ කාරණාවන් සමග පහළ වන්නාහ |
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ (5) ශාන්තිය හා සමාදානය සමග- (එම රාත්රිය) අළුයම් කාලය උදා වන තුරුය |