| إِذَا الشَّمْسُ كُوِّرَتْ (1) (යුග අවසානය සඳහා) සූර්යයාගේ ආලෝකය මැකී යන විට
 | 
| وَإِذَا النُّجُومُ انكَدَرَتْ (2) තාරකාවන්ගේ දීප්තිමත් ආලෝකය සිඳී කඩා වැටෙන විට
 | 
| وَإِذَا الْجِبَالُ سُيِّرَتْ (3) කඳු තල්ලූ කර, පාවෙන්නට සලස්වන විට
 | 
| وَإِذَا الْعِشَارُ عُطِّلَتْ (4) (දස මස්) ගැබ්බර ඔටු දෙනුන් සලකන්නට කෙනෙකු නොමැතිව (බැඳ ඇති දැය ලෙහී) ඒ මේ අත විසිරී යන්නට අත්හැර දමන විට
 | 
| وَإِذَا الْوُحُوشُ حُشِرَتْ (5) කැලේ සතුන් (ගම්වල) ඒකරාශී කරනු ලබන විට
 | 
| وَإِذَا الْبِحَارُ سُجِّرَتْ (6) මුහුදු උතුරා (ගොද ගොද ගා) නටන්නට සලස්වන විට
 | 
| وَإِذَا النُّفُوسُ زُوِّجَتْ (7) ජීවීන්ව ඒකරාශී කරනු ලබන විට
 | 
| وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ (8) පණපිටින් වළලනු ලැබූ ගැහැනු දරුවන්ට
 | 
| بِأَيِّ ذَنبٍ قُتِلَتْ (9) “කුමන වරදක් සඳහා ඔබව (පණපිටින් වළලනු ලැබ) ඝාතනය කරනු ලැබුවෙහුද?”යි විමසනු ලබන්නාහ
 | 
| وَإِذَا الصُّحُفُ نُشِرَتْ (10) (විනිශ්චය සඳහා මිනිසුන්ගේ) ක්‍රියාකාරකම් ලේඛන දිගහරිනු ලබන විට
 | 
| وَإِذَا السَّمَاءُ كُشِطَتْ (11) අහස (පැළී) ඈත් කරනු ලබන විට
 | 
| وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ (12) නිරය දවනු ලබන විට
 | 
| وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ (13) ස්වර්ගය (අලංකාරවත් කරනු ලැබ), සමීපයට ගෙන එනු ලබන විට
 | 
| عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ (14) සෑම ආත්මයක්ම (පින් හෝ පව් හෝ) තම ඉදිරියේ තිබීම හොඳින් දැන ගනු ඇත
 | 
| فَلَا أُقْسِمُ بِالْخُنَّسِ (15) (මිනිසුනේ!) වේගයෙන් දිව ගොස් සැඟවී යා හැකි මාර්ගයේම
 | 
| الْجَوَارِ الْكُنَّسِ (16) නැවත නැවතත් ගමන් කරන ග්‍රහයන් මත සත්තකින්ම
 | 
| وَاللَّيْلِ إِذَا عَسْعَسَ (17) ගමන් කරන රාත්‍රිය මතද සත්තකින්ම
 | 
| وَالصُّبْحِ إِذَا تَنَفَّسَ (18) උදා වන අළුයම මත සත්තකින්ම
 | 
| إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ (19) නියත වශයෙන්ම (ශුද්ධ වූ කුර්ආනය නමැති) මෙය ඉතාමත් ගෞරවණීය (ජිබ්රීල් නමැති) දේව දූතයෙකු මගින් පවසනු ලැබූවක් වන්නේය
 | 
| ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ (20) ඔහු ඉතාමත් බලසම්පන්නයෙකි. අර්ෂ්හි හිමි වෙතින් ඉමහත් පදවි අයත් කෙනෙකි
 | 
| مُّطَاعٍ ثَمَّ أَمِينٍ (21) (ඔහු එහි සිටින මලායිකාවරුන්-ගෙන්) ප්‍රධානියාය. තවද ඉතාමත් විශ්වාසවන්තයෙකි
 | 
| وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ (22) (මක්කාවාසීනී! අපගේ දූතයා වන) ඔබගේ මිතුරා පිස්සෙකු නොවන්නේය
 | 
| وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ (23) නියත වශයෙන්ම ඔහු (ජිබ්රීල් වන) ඔහුව පැහැදිලි වූ පහළ අහසෙහි ඇත්තෙන්ම දුටුවේය
 | 
| وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ (24) ඔහු (ඒ අවස්ථාවේ දුටු) සැඟවුණු දැය (දැනුම් දීමෙහි) මසුරුකම් කරන්නෙකු නොව
 | 
| وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ (25) තවද මෙය එළවන ලද ෂෙයිතාන්ගේ වදනක්ද නොව
 | 
| فَأَيْنَ تَذْهَبُونَ (26) එබැවින් (මෙය අත්හැර) ඔබ කොහේ නම් දුවන්නෙහුද
 | 
| إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ (27) මෙය ලෝකයන් සියල්ලට ඔවදනක්ම මිස, වෙන කිසිවක් නැත
 | 
| لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ (28) ඔබගෙන් කවුරුන් ඍජු මාර්ගයෙහි යාමට කැමති වන අයටද
 | 
| وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ (29) එහෙත් ලෝකයන්ගේ දෙවියන් වන අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔබ (හොඳ වැටහීමක් ලබා ගැනීමට) කැමති නොවන්නෙහුය
 |