وَالنَّازِعَاتِ غَرْقًا (1) (පාපතරයින්ගේ ආත්මය) තදින් උදුරා ගන්නා අය මත සත්තකින්ම |
وَالنَّاشِطَاتِ نَشْطًا (2) (හොඳ අයගේ ආත්මය පහසුවෙන්) අත්පත් කර ගන්නා අය මත සත්තකින්ම |
وَالسَّابِحَاتِ سَبْحًا (3) (අහසෙහිද, මුහුදෙහිද) අධි වේගයෙන් (පියාඹා) පිහිනා යන අය මත සත්තකින්ම |
فَالسَّابِقَاتِ سَبْقًا (4) (දෙවියන්ගේ නියෝගය ඉටු කිරීමට) තරඟ කරමින් ඉදිරියට යන අය මතද සත්තකින්ම |
فَالْمُدَبِّرَاتِ أَمْرًا (5) සියලූ කාරණාවන්ම (දෙවියන්ගේ නියෝගයට අනුව) පරිපාලනය කරන අය මතද සත්තකින්ම |
يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ (6) (දරුණු භූමි කම්පාවෙන් භූමිය) දැඩි ලෙස චලනය වන දිනදී |
تَتْبَعُهَا الرَّادِفَةُ (7) (නැවත) නැවතත් ඉන් පසුවද නොකඩවා (බොහොමයක් භූමි චලනයන්) පැමිණෙන (දින අනිවාර්යයෙන්ම යුග අවසානය සිදු වන්නේය) |
قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ (8) එදිනදී හෘදයන් සියල්ල තිගැස්සී වෙව්ලමින් තිඛෙණු ඇත |
أَبْصَارُهَا خَاشِعَةٌ (9) ඔවුන්ගේ බැල්ම නම්, (බියෙන්) පහත හෙළමින් තිඛෙණු ඇත |
يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ (10) (මෙසේ තිබියදී ප්‍රතික්ෂේප කරන්නන් මෙය ප්‍රතික්ෂේප කර) “අපි (මරණයට පත් වූ පසු) ඇත්තෙන්ම (පණ ලබා දී) කළින් තිබූ තත්වයට ආපසු ගෙන එනු ලබන්නෙමුද?” |
أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةً (11) “(එයත්) අපි දිරා පත් වී ඇට කටු බවට පත් වූ පසුද, (පණ ලබා දී නැගිට්ටවනු ලබන්නෙමුද?)” යයි පවසන්නාහ |
قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ (12) “එසේ නම්, එය ඉමහත් අලාභ සහිත ආපසු ගැනීමකි” යයිද ඔවුන් (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ |
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ (13) (මෙය එසේ සිදු විය හැකි දැයක් නොව යයි ඔවුන්ට දැනෙන්නට ඉඩ ඇත. එහෙත් අපට නම්) එය එක්තරා භයානක චලනයක්, (එක්තරා බලපෑමක් හා භයානක ශබ්දයක්) පමණකි |
فَإِذَا هُم بِالسَّاهِرَةِ (14) එවෙලේම ඔවුන් (සියල්ලන්ම පණ ලැබී නැගිට විත්) එක්තරා ස්ථානයක ඒකරාශී වන්නාහ |
هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ (15) (නබියේ!) මූසාගේ පුවත ඔබට ළඟා වූවේද |
إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى (16) ‘තුවා’ නමැති පරිශුද්ධ වූ ඇළට ඔහුගේ දෙවියන් ඔහුව කැඳවා |
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ (17) “නියත වශයෙන්ම ෆිර්අව්න් සීමාව ඉක්මවා ගියේය |
فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰ (18) ඔබ ඔහු වෙත ගොස් (ඔහුට “පාපයන්ගෙන් ඈත්ව) ඔබ පරිශුද්ධවන්තයෙකු බවට පත් වීමට කැමැත්තෙහිද?” |
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ (19) “(එසේ නම්) ඔබ දෙවියන් දෙසට යා හැකි මාර්ගය මා ඔබට දැනුම් දෙන්නෙමි. ‘ඔහුට ඔබ බිය වනු’යි පවසනු” (යයි මූසාට දෙවියන් නියෝග කළේය) |
فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ (20) (මූසා ඔහු වෙත ගොස් එසේ පවසා) විශාල ප්‍රාතිහාර්යයක්ද ඔහුට පෙන්වූවේය |
فَكَذَّبَ وَعَصَىٰ (21) එහෙත් ඔහු නම්, (එය) බොරු කර, (ඔහු කියූ දැයට) වෙනස්කම් කළේය |
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ (22) පසුව (ඔහුව) ප්‍රතික්ෂේප කර, (ඔහුට විපත් කිරීමටද) උත්සාහ කළේය |
فَحَشَرَ فَنَادَىٰ (23) මේ වෙනුවෙන් (තම ජනතාව) ඒකරාශී කර, (ඔවුන්ට) නිවේදනයක්ද නිකුත් කළේය |
فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ (24) (ඔවුන්ට) “මමයි ඔබට උසස් දෙවියන්” යයිද පැවසුවේය |
فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ (25) එබැවින් අල්ලාහ් ඔහුව මෙලොව හා පරලොව දඬුවම මගින් අල්ලා ගත්තේය |
إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰ (26) ඇත්තෙන්ම බිය වන්නන්ට මෙහි එක්තරා හොඳ පාඩමක් ඇත්තේය |
أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا (27) (මිනිසුනේ! හැඩරුව) නිර්මාණයෙහි ඔබ බලවන්තයින්ද? නැතහොත් ඔහු උත්පාදනය කළ අහසද |
رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا (28) ඔහුම එහි මුදුන ඔසවා එය සැලසුම් කළේය |
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا (29) එබැවින් එහි රාත්‍රිය අන්ධකාර කර, (සූර්යයා මගින්) දහවල එළියට ගෙන, (ආලෝකමත්) කළේය |
وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا (30) මින් පසුව ඔහුම භූමිය දිග හැරියේය |
أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا (31) ඔහුම එයින් ජලයද, තණ (බිම්)ද ඉකුත් කරන්නේය |
وَالْجِبَالَ أَرْسَاهَا (32) කඳුද ඔහුම එහි ස්ථීරවත් කළේය |
مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ (33) ඔබටද ඔබගේ සතුන්ටද ප්‍රයෝජනවත් විය හැකි දැයද (එහි නිර්මාණය කළේය) |
فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ (34) (විනිශ්චය දින) ඉමහත් වූ විපත පැමිණියහොත් |
يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰ (35) මිනිසා කළ සෑම දැයක්ම එදිනදී ඔහුගේ මතකයට නැගෙනු ඇත |
وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ (36) බලන්නෙකුට (පෙණෙන අන්දමට) නිරය ඉදිරියට ගෙනැවිත් තබනු ඇත |
فَأَمَّا مَن طَغَىٰ (37) කවුරුන් සීමාව ඉක්මවා (විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කර) |
وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا (38) මෙලොව ජීවිතය තෝරා ගත්තේද |
فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ (39) නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය නිරයයි |
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ (40) කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයෙහි (ප්‍රශ්න කිරීම සඳහා නැගී සිටීම) ගැන බිය වී (පහත් වර්ගයේ ශරීර) ආශාවන්ගෙන් ඈත්ව තමන්ව වළක්වා ගත්තේද |
فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ (41) නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය ස්වර්ගයයි |
يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا (42) (නබියේ!) විනිශ්චය දිනය ගැන එය කවදා එන්නේදැයි ඔබගෙන් ඔවුන් විමසන්නාහ |
فِيمَ أَنتَ مِن ذِكْرَاهَا (43) ඒ ගැන ඔබ මතක් කර (දීම මිස, පවසන්නට) ඇත්තේ කුමක්ද |
إِلَىٰ رَبِّكَ مُنتَهَاهَا (44) එහි අවසානය නම්, ඔබ දෙවියන් වෙතම ඇත්තේය |
إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا (45) ඒ ගැන බිය වන්නන්ට නියත වශයෙන්ම ඔබ බියගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවෙකු නොව. එය පැමිණෙන සමයද, කාලයද දැන්වීම ඔබගේ යුතුකමක් නොව) |
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا (46) එය ඔවුන් (දෑසින්) දකින දිනදී සවස හෝ නැතහොත් උදේ හෝ එක අල්ප මොහොතක් මිස, (මෙලොවදී) රැඳී සිටියේ නැත යයිම ඔවුන්ට දැනෙනු ඇත |