﴿إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴾
[المَائدة: 110]
පසුව අල්ලාහ් (ඊසාට) මෙසේ පවසන්නේය: “ඕ මර්යම්ගේ පුත් ඊසා! ඔබ කෙරෙහිද ඔබ මව කෙරෙහිද (මා ලබා දී) ඇති මගේ වරප්‍රසාදයන් ඔබ මතක් කර බලනු. පරිශුද්ධ ආත්මය මගින් ඔබට උදව් කර, (ඔබ මවගේ පරිශුද්ධභාවය ගැන) ඔබ තොටිල්ලේ සිටින ළදරුවෙකු වශයෙන් සිටි අවස්ථාවේදීද, (ඔබගේ දර්ශණය ගැන) තරුණ වියේදීද, ඔබව මිනිසුන් ඉදිරියේ කතා කිරීමට සැලැස්වීම ගැනද (සිතා බලනු). ධර්මයද, ඥානයද, තව්රාතයද, ඉන්ජීලයද මා ඔබට ඉගැන්වීමද (සිතා බලනු). තවද ඔබ මගේ නියෝගයට අනුව මැටියෙන් පක්ෂියෙකුගේ හැඩයට අඹා, එහි ඔබ පිම්ඹ අවස්ථාවේදී එය මගේ අණ මගින් පක්ෂියෙකු බවට පත් වීමද, උත්පත්තියෙන් අන්ධයින්වද, ලාදුරු (කුෂ්ට) රෝගීන්වද, මගේ පිහිටෙන් ඔබ සුව කිරීම ගැනද (සිතා බලනු). ඔබ මගේ දයාවෙන් මරණයට පත් වූවන්ව (ගල් ගුහාවෙන් පණ ලැබී) පිටත්ව යාමට සැලැස්වීම ගැනද (සිතා බලනු). තවද ඉස්රායීල පරම්පරාවේ දරුවන් වෙත ඔබ පැහැදිලි සාධකයන් ගෙන ආ අවස්ථාවේදී ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කළ අය “ නියත වශයෙන්ම මෙය පැහැදිලි සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූ (අතර ඔබට හානියක් කිරීමට උත්සාහ කළ) අවස්ථාවේදී, ඔවුන්ගේ (විපත් වලින්) මා ඔබව බේරා ගැනීම ගැනද සිතා බලනු
ترجمة: إذ قال الله ياعيسى ابن مريم اذكر نعمتي عليك وعلى والدتك إذ, باللغة السنهالية
﴿إذ قال الله ياعيسى ابن مريم اذكر نعمتي عليك وعلى والدتك إذ﴾ [المَائدة: 110]