قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ (1) (නබියේ!) කවුරුන් තම ස්වාමිපුරුෂයා ගැන ඔබ වෙත තර්ක කර (ඔහු ගැන) අල්ලාහ් වෙතද මැසිවිළි කළේද, ඇයගේ මැසිවිල්ළ අල්ලාහ් නියත වශයෙන්ම සවන් දුන්නේය. (ඒ ගැන) ඔබ දෙදෙනාගේ විවාදයද අල්ලාහ් සවන් දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලට) සවන් දෙන්නෙකු හා (සෑම දෙනාගේම ක්‍රියාවන්ද) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය |
الَّذِينَ يُظَاهِرُونَ مِنكُم مِّن نِّسَائِهِم مَّا هُنَّ أُمَّهَاتِهِمْ ۖ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنكَرًا مِّنَ الْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ (2) ඔබගෙන් කවුරුන් හෝ තම භාර්යයාවන්ගෙන් කවුරුන්ව හෝ තමන්ගේ මව යයි පවසා දැමීමෙන් ඇය ඔවුන්ගේ (සත්‍ය) මව වන්නේ නැත. ඔවුන්ව වැදූ අයම (සත්‍ය) මව වන්නේය. (මෙයට වෙනස්ව කවුරුන්ව හෝ කිවෙකුත් මව යයි පැවසුවහොත් පවසන) ඔවුන්, නියත වශයෙන්ම නොසුදුසු හා බොරු වචනයක්ම පවසන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා (වැරදි) ඉවසන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් මෙවැනි වැරදි කරන්නන් අල්ලාහ් වෙතින් සමාව ඉල්ලා සිටිය යුතුය) |
وَالَّذِينَ يُظَاهِرُونَ مِن نِّسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِّن قَبْلِ أَن يَتَمَاسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (3) එබැවින් කවුරුන් හෝ තමන්ගේ භාර්යයාවන්ව (තම) මවට සම කර පැවසූ පසු, එම කියමනෙන් ආපසු (නැවතත් එක්කාසු වීමට කැමති වුවහොත්) ඒ දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (මෙසේ සම කර කතා කිරීමේ වරදට වන්දි වශයෙන්) එක් වහලෙකු නිදහස් කර හැරිය යුතුය (යයි) මෙමගින් ඔබට දේශනා කරනු ලබන්නෙහුය. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය |
فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَاسَّا ۖ فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ (4) (නිදහස් කළ හැකි වහලෙකුව) කවුරුන් හෝ ලබා නොගතහොත් ඒ දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (ඔහු) මාස දෙකක් එක දිගට උපවාසයේ යෙදිය යුතුය. (මෙසේ උපවාසයේ යෙදීමට) ශක්තියක් නොමැති අය, දුප්පතුන් හැට දෙනෙකුට (මධ්‍යස්ථ තත්වයේ) ආහාර ලබා දිය යුතුය. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තබා ඇත්තෙහුය යන්න සඳහා (මෙම නියෝගය මෙසේ පහසු කර තැබුවේය). මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. (මේවා කඩ කිරීම මගින්) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත |
إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ كُبِتُوا كَمَا كُبِتَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَقَدْ أَنزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ (5) කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, වෙනස්කම් කරන්නෝද ඔවුන්ව, ඔවුන්ට පෙර විසූවන්ව අවමන් කළ ආකාරයටම නියත වශයෙන්ම අවමන් කරනු ලබන්නාහ. නියත වශයෙන්ම (මේ ගැන) පැහැදිලි ආයාවන්ම අපි පහළ කර ඇත්තෙමු. (මෙයට) වෙනස්කම් කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් ඇත |
يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ (6) ඔවුන් සියල්ලන්ටම අල්ලාහ් (පණ දී) නැගිට්ටවන දිනදී ඔවුන් කරන දැය ගැන ඔවුන්ට දැනුම් දෙනු ඇත. අල්ලාහ් ඒවා සඟවා ඇත්තේය. නමුත් එය ඔවුන් අමතක කර දැමූහ. (ඔවුන් කරන) සියල්ලටම අල්ලාහ් සාක්ෂි වශයෙන්ම සිටින්නේය |
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ مَا يَكُونُ مِن نَّجْوَىٰ ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَىٰ مِن ذَٰلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا ۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (7) (නබියේ!) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔවුන්ගෙන් තුන්දෙනෙකු (එක්කාසු වී කතා කරන) රහසෙහි ඔහු ඔවුන්ගෙන් හතරවැන්නා වශයෙන් නැත්තේ නොවේ. පස් දෙනෙකුගෙන් නම්, ඔහු ඔවුන්ගෙන් හයවැන්නා වශයෙන් නැත්තේ නොවේ. මීටත් වඩා අඩු වශයෙන් හෝ නැතහොත් අධික වශයෙන් හෝ සිටින (අය එක්කාසු වී කතා කරන රහසෙහිද) ඔවුන් සමග ඔහු නැත්තේ නොවේ. (මෙසේ) ඔවුන් කොහේ සිටියා වුවද, (රහස් කතා කළහොත් ඔහු ඔවුන්ගේ රහස් දැන ගන්නේය). පසුව ඔවුන් කළ දැය ගැන ඔවුන්ට විනිශ්චය දිනදී දැනුම් දී (එයට සරිලන ඵලවිපාකද ලබා දී) හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය |
أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ الْمَصِيرُ (8) (නබියේ!) රහස්ම කතා නොකළ යුතුය යයි වළක්වා තිබියදී, වළක්වා තිබූ ඒ දෙසටම නැවතත් ඔවුන් යාම ඔබ අවධානය කළෙහිද? පාපයටද, සීමාව ඉක්මවා යාමටද, (අපගේ) දූතයාට වෙනස්කම් කිරීමටම ඔවුන් රහසින් (කුමන්ත්‍රණ) සාකච්ඡා කරන්නාහ. පසුව ඔවුන් ඔබ වෙත පැමිණියහොත් නම්, අල්ලාහ් ඔබට ශුභ පැතුම් නොකළ දැය මගින් (එනම් අස්සලාමු අෙලෙයික - ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! යයි පැවසීම වෙනුවට අස්සාමු අෙලෙයික - ඔබට මරණය අත් වේවා! යයි) ඔවුන් ඔබට ශුභ පැතීමෙන් අනතුරුව තමන් තුළ “(මොහු සත්‍ය දූතයෙකු වශයෙන් සිටින්නේ නම්), අපි එසේ පැවසීම ගැන අල්ලාහ් අපට දඬුවම් නොකරාවිද?” යයිද (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ. නිරයම ඔවුන්ට ප්‍රමාණවත් වන්නේය. එහි ඔවුන්ව (ගින්නෙන්) දවාලනු ලබන්නාහ. එය, යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය |
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَنَاجَيْتُمْ فَلَا تَتَنَاجَوْا بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَتَنَاجَوْا بِالْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ (9) විශ්වාසවන්තයිනි! ඔබ තුළ ඔබ රහස් කතා කළහොත් පාපයන් කිරීම සඳහාද, සීමාව ඉක්මවා යාම සඳහාද, (අපගේ) දූතයාට වෙනස්කම් කිරීම සඳහාද, රහස් කතා නොකරනු. එහෙත් යහපතක් කිරීම සඳහාද, පරිශුද්ධභාවය සඳහාද, රහස් කතා කළ හැකිය. (සියල්ල දැනගත්) අල්ලාහ්ටම බිය වනු. ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය |
إِنَّمَا النَّجْوَىٰ مِنَ الشَّيْطَانِ لِيَحْزُنَ الَّذِينَ آمَنُوا وَلَيْسَ بِضَارِّهِمْ شَيْئًا إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ (10) (ඔවුන්ව) ෂෙයිතාන් රහසින් කතා කරන මෙන් සලස්වන්නේ විශ්වාසය තැබූවන්ට දුක ඇති කිරීමටය. අල්ලාහ්ගේ අනුමැතිය නොමැතිව ඔවුන්ට ඔහු විසින් කිසිම හානියක් කර දැමීමට නොහැකිය. එබැවින් විශ්වාසය තැබූවන් අල්ලාහ්වම විශ්වාස කරමින් සිටිය යුතුය |
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ انشُزُوا فَانشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (11) විශ්වාසවන්තයිනි! (ඔබ යම්කිසි සභාවක සිටින විට, කවුරුන් හෝ) ඔබට “සභාවෙන් ඉවත් වී (ඉඩ) ලබා දෙනු” යයි කියනු ලැබුවහොත් (එසේම) ඔබ ඉවත් වී ඉඩ දෙනු. අල්ලාහ් ඔබට විශාලවත් කර තබනු ඇත. තවද (සභාවෙහි යම්කිසි කාරණාවක් ගැන ඔබට) “නැගිට (ඉවත්ව) යනු” යයි කියනු ලැබුවහොත් ඒ අන්දමටම ඔබ නැගිට (ඉවත්ව) යනු. (මෙසේ කරන) ඔබගෙන් වූ විශ්වාසවන්තයින්ටද, අධ්‍යාපන ඥානය ඇති අයටද අල්ලාහ් පදවීන් උසස් කරනු ඇත. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නේය |
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ۚ ذَٰلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ ۚ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ (12) විශ්වාසවන්තයිනි! ඔබ (අපගේ) දූතයා සමග රහසක් කතා කිරීමට සිදු වන විට ඔබේ රහසට කළින්ම (දුප්පතුන්ට) යම්කිසි දානමානයක් කර හරිනු. මෙය ඔබට ඉතාමත් හොඳක් හා ඉතාමත් පරිශුද්ධභාවයක්ද වන්නේය. (දානමාන කිරීමට) කුමක් හෝ නොලදහොත් (ඒ ගැන ඔබ කෙරෙහි වරදක් නැත). නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය |
أَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ (13) ඔබ, ඔබගේ රහසට පෙර දානමාන කිරීම ගැන ඔබ බිය වූවෙහුද? (ඇත්තෙන්ම) ඒ අවස්ථාවේදී ඔබ විසින් (දානමාන) කිරීමට නොහැකි නම්, අල්ලාහ් ඔබට සමාව දෙන්නේය. එහෙත් සලාතය නොකඩවා ඉටු කර, සකාත්ද ගෙවා අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, (සත්‍යයෙන්ම) අවනත වී කටයුතු කරනු. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය |
۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِم مَّا هُم مِّنكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ (14) (නබියේ!) අල්ලාහ් කුමන ජනතාවක් කෙරෙහි කෝපයට පත් වූවේද, ඔවුන් සමග කතාබස් කිරීම ඔබ බැලූවෙහිද? මොවුන් ඔබගෙන්ද වූ අය නොවන්නාහ. ඔවුන්ගෙන්ද වූ අය නොවන්නාහ. මොවුන් (හොඳින්) දැන සිටියදී, (ඔබ සමග සිටිනවා යයි) උවමනාවෙන්ම බොරු දිව්රුම් කරන්නාහ |
أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ (15) මොවුන් වෙනුවෙන් අල්ලාහ් දරුණු දඬුවම සැලසුම්කර ඇත්තේය. නියත වශයෙන්ම මොවුන් කරන කාරණාවන් ඉතාමත් නපුරුය |
اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَن سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُّهِينٌ (16) මොවුන් තමන්ගේ (බොරු) දිව්රුම් පළිහක් වශයෙන් තබාගෙන (ජනතාව) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා හැරියහ. එබැවින් මොවුන්ට ඉතාමත් අවමන් ගෙන දෙන දඬුවම් ඇත |
لَّن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ (17) මොවුන්ගේ වස්තූන්ද, මොවුන්ගේ දරුවන්ද, අල්ලාහ්ගේ (දඬුවමෙන්) කිසිවක් හෝ මොවුන්ගෙන් වළක්වා හරිනු නොලැබේ. මොවුන් නිරාවාසීන්ය. එහි මොවුන් සදාකල් රැඳී සිටිනු ඇත |
يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَيْءٍ ۚ أَلَا إِنَّهُمْ هُمُ الْكَاذِبُونَ (18) අල්ලාහ් මොවුන් සියල්ලන්ටම (පණ දී) නැගිට්ටවන දිනදීද, (අද දින) ඔබ වෙත ඔවුන් දිව්රන මේ ආකාරයටම ඔහු වෙතද (බොරු) දිව්රුම් කිරීමෙන් අනතුරුව නියත වශයෙන්ම තමන් කුමක් හෝ (බේරිය හැකි එක් හොඳ) කාරණාවක් කර දැමුවේය යයිද අදහස් කර ගන්නාහ. ඇත්තෙන්ම මොවුන් බොරුකාරයෝමය |
اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنسَاهُمْ ذِكْرَ اللَّهِ ۚ أُولَٰئِكَ حِزْبُ الشَّيْطَانِ ۚ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ (19) ෂෙයිතාන් මොවුන්ව ජයග්‍රහණය කර, අල්ලාහ් ගැන වූ අදහසම මොවුන්ට අමතක කර දැමුවේය. මොවුන්ම ෂෙයිතාන්ගේ සමූහයයි. ෂෙයිතාන්ගේ සමූහයම නියත වශයෙන්ම පරාජිතයින් යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව) |
إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ أُولَٰئِكَ فِي الْأَذَلِّينَ (20) කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, ඇත්තෙන්ම විරුද්ධ වන්නෝද, ඔවුන්ම අවමානයට ලක් වූවන්ය |
كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ (21) තමන්ද, තමන්ගේ දූතයින්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නාහ යයි අල්ලාහ් නියම කර හැරියේය. නියත වශයෙන්ම අල්ලාහ් ශක්තිසම්පන්නයෙකු වශයෙන්ද, (සියල්ලන්ටම) බලසම්පන්න-යෙකු වශයෙන්ද සිටින්නේය |
لَّا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُم بِرُوحٍ مِّنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ أُولَٰئِكَ حِزْبُ اللَّهِ ۚ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ (22) (නබියේ!) කුමන ජනතාවක් අල්ලාහ්වද, විනිශ්චය දිනයද, (ඇත්තෙන්ම) විශ්වාස කරන්නෝද ඔවුන්, කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද වෙනස්කම් කරන්නන් වශයෙන් සිටින්නෝද (ඔවුන්ව ප්‍රිය නොකරන්නාහ). ඔවුන් තමන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සිටියා වුවද, නැතහොත් තමන්ගේ පරම්පරාවේ දරුවන් වශයෙන් සිටියා වුවද, නැතහොත් තමන්ගේ සහෝදරයන් වශයෙන් සිටියා වුවද, නැතහොත් තමන්ගේ ඥාතීන් වශයෙන් සිටියා වුවද, ඔවුන් සමග මොවුන් කතාබහ කිරීම ඔබ නොදකින්නෙහිය. මෙවැන්නන්ම - මොවුන්ගේ හෘදයන්හි අල්ලාහ් විශ්වාසය ධාරණය වීමට සලස්වා තමන්ගේ හැඟීම මගින්ද, මොවුන්ව ශක්තිමත් කර තබා ඇත්තේය. සදාකල් දිය දහරා ගලමින් ඇති ස්වර්ගයන්හිද, මොවන්ව ඇතුළු කර හරින්නේය. ඒවායෙහි සැමදා මොවුන් රැඳී සිටිනු ඇත. මොවුන් ගැන අල්ලාහ් තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද, ඔහු ගැන තෘප්තියට පත් වන්නාහ. මොවුන්ම අල්ලාහ්ගේ සමුහයයි. නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමූහයන්ම ජයග්‍රාහකයින් යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව) |