| هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ (1) (නබියේ! සියල්ලන්වම) වටකර ගත හැකි (විනිශ්චය දිනය ගැන වූ) පුවත ඔබට ලැබුනේද
 | 
| وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ (2) එදිනදී සමහර මුහුණු අවමානයට ලක්ව
 | 
| عَامِلَةٌ نَّاصِبَةٌ (3) බියෙන් මළානික වී දුබළව තිඛෙණු ඇත
 | 
| تَصْلَىٰ نَارًا حَامِيَةً (4) දළු ලා දැවෙන ගින්නට ඒවා යනු ඇත
 | 
| تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ (5) (ඔවුන්ට පිපාසය ඇති වුවහොත්) උණු වී නටන එක් උල්පතක ජලය බොන්නට සලස්වනු ඇත
 | 
| لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ (6) එහි ඔවුන්ට (තිත්ත අත්තන) කටු හැර, වෙන කිසිවක් ආහාර වශයෙන් ලැඛෙන්නේ නැත
 | 
| لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ (7) (එමගින් ඔවුන්ගේ ශරීරය) වැඩෙන්නේද නැත. (ඔවුන්ගේ) කුස ගින්න නිවෙන්නේද නැත
 | 
| وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ (8) (එහෙත්) එදිනදී වෙනත් සමහර මුහුණු නම්, ඉතාමත් ප්‍රබෝදමත්ව ඇත්තේය
 | 
| لِّسَعْيِهَا رَاضِيَةٌ (9) (මෙලොවදී) තමන් කළ (හොඳ) කාරණාවන් ගැන තෘප්තියට පත්ව
 | 
| فِي جَنَّةٍ عَالِيَةٍ (10) උසස් වූ ස්වර්ගයෙහි සිටිනු ඇත
 | 
| لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةً (11) එහි කිසිම පුහු වදනකට සවන් දෙන්නේ නැත
 | 
| فِيهَا عَيْنٌ جَارِيَةٌ (12) එහි (මොවුන්ට පානය කිරීමට) සදාකල් ගලමින් ඇති (පැහැදිලි) එක් උල්පතක් ඇත
 | 
| فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ (13) එහි (මොවුන්ට වාඩි වීමට) උසස් ආසනයන් ඇත
 | 
| وَأَكْوَابٌ مَّوْضُوعَةٌ (14) (විවිධ වර්ගයේ පානයන් පිරි) බඳුන් (මොවුන් ඉදිරියේ) තිඛෙනු ඇත
 | 
| وَنَمَارِقُ مَصْفُوفَةٌ (15) (මොවුන්ට හාන්සි වී සිටීමට) පුළුන් කොට්ට පේළියට තබන්නට යෙදී තිඛෙණු ඇත
 | 
| وَزَرَابِيُّ مَبْثُوثَةٌ (16) උසස් ඇතිරිළි (මොවුන්ගේ යටින්) අතුරා තිඛෙණු ඇත. (මෙවැනි සැප සම්පත් වලින් යුත් ස්ථානයන්හි හොඳ වහලූන් සිටිනු ඇත)
 | 
| أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ (17) (නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් - තමන් වෙත ඇති) ඔටුවා හෝ (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් උත්පාදනය කර ඇත්තේද
 | 
| وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ (18) (ඔවුන්ට ඉහළින් ඇති) අහසද, (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම්, උඩට ඔසවා ඇත්තේද
 | 
| وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ (19) (ඔවුන් ඉදිරියේ දිස්වන) කඳුද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) ඒවා කෙසේ නම් සිටවනු ලැබ ඇත්තේද
 | 
| وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ (20) (ඔවුන් වාසය කරන) භූමියද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් දිග හරිනු ලැබ ඇත්තේද
 | 
| فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ (21) එබැවින් (නබියේ! මේවා ඔවුන්ට ගෙනහැර දක්වා මේවා උත්පාදන කළ අයගේ වරප්‍රසාදයන් ඔවුන්ට ඔබ පවසා) හොඳ ඔවදන් දෙනු මැනව! (මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ ඔවුන්ට හොඳ ඔවදන් ලබා දෙන කෙනෙකි
 | 
| لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ (22) (ඒ අන්දමටම කටයුතු කරන මෙන්) ඔවුන්ට ඔබ බල කරන්නට හැකි කෙනෙකු නොව
 | 
| إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ (23) එහෙත් කවුරුන් ඈත් වී ප්‍රතික්ෂේප කරන්නේද
 | 
| فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ (24) ඔහුට අල්ලාහ් ඉමහත් දඬුවම් දෙනු ඇත
 | 
| إِنَّ إِلَيْنَا إِيَابَهُمْ (25) නියත වශයෙන්ම ඔවුන් සියල්ලන්ම අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය
 | 
| ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم (26) පසුව නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න ගණනය කිරීමද අපගේ යුතුකමක් වශයෙන් ඇත්තේය
 |