| وَالْمُرْسَلَاتِ عُرْفًا (1) එකකට පසු එකක් වශයෙන් යවනු ලබන දැය මතද
 | 
| فَالْعَاصِفَاتِ عَصْفًا (2) වේගයෙන් හමන සුළි සුළං මතද
 | 
| وَالنَّاشِرَاتِ نَشْرًا (3) විසුරුවාහැරිය වැහි වළා මතද
 | 
| فَالْفَارِقَاتِ فَرْقًا (4) (ඇත්ත, බොරු අතරේ) පැහැදිලිව වෙන් කර ඇති දැය (වන ධර්මයන්) මතද
 | 
| فَالْمُلْقِيَاتِ ذِكْرًا (5) මතක් කර දෙන අය (දූතයින්) මතද
 | 
| عُذْرًا أَوْ نُذْرًا (6) සමාව හෝ නැතහොත් අනතුරු ඇඟවීම මතද සත්තකින්ම
 | 
| إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ (7) නියත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දැය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය
 | 
| فَإِذَا النُّجُومُ طُمِسَتْ (8) ඒ අවස්ථාවේදී තාරකාවන්ගේ තම ආලෝකය සිඳී යනු ඇත
 | 
| وَإِذَا السَّمَاءُ فُرِجَتْ (9) අහස පැළී යනු ඇත
 | 
| وَإِذَا الْجِبَالُ نُسِفَتْ (10) කඳු (දූවිලි මෙන්) පාවී යනු ඇත
 | 
| وَإِذَا الرُّسُلُ أُقِّتَتْ (11) නියමිත කාලයෙහි (සාක්ෂි කීමට) දූතයින්ව ඒකරාශී කරනු ලබන්නාහ
 | 
| لِأَيِّ يَوْمٍ أُجِّلَتْ (12) (මේ සියල්ල) කුමන දවසක් දක්වා කල් දමා ඇත්තේද
 | 
| لِيَوْمِ الْفَصْلِ (13) (යන්න නබියේ! ඔබ දන්නෙහිද?) විනිශ්චය දෙනු ලබන එදින දක්වාය
 | 
| وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ (14) (නබියේ!) තීන්දු දෙනු ලබන දවසේ ගුණාංගයන් ඔබ දන්නෙහිද
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (15) (අපගේ ආයාවන්) බොරු කළ අයට එදිනදී විනාශයයි
 | 
| أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ (16) (එය බොරු කරමින් සිටි) පෙර සිටියවුන්වද අපි විනාශ කර දැමුවේ නැද්ද
 | 
| ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ (17) ඊට පසු සිටිය අයවද (විනාශ වී ගිය ඔවුන්ව), අනුගමනය කරන මෙන් සලස්වා
 | 
| كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ (18) (ඔවුන්වද විනාශ කර දැමුවෙමු). එසේම මෙම වැරදිකරුවන්වද, අපි (විනාශ වී යන්නට) සලස්වන්නෙමු
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (19) (එබැවින් අපගේ ආයාවන්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ (20) එක් ඉතාමත් අල්ප බිඳක් මගින් අපි ඔබව උත්පාදනය කළේ නැද්ද
 | 
| فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ (21) එය (ප්‍රවේසම් සහිතව ගර්භාශයෙහි)
 | 
| إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ (22) නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ අපි සලස්වා
 | 
| فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ (23) පසුව අපිම එය (දරුවෙකු වශයෙන්ද) මනක්කල්පිත කරන්නෙමු. මනක්කල්පිත කරන්නන් සියල්ලන්ගෙන් අපි අපමණ උසස්වන්තයෙකි
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (24) (එබැවින් මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا (25) අපි භූමිය ඉඩ ලබා දිය හැකි අන්දමට සැලැස්සුවේ නැද්ද
 | 
| أَحْيَاءً وَأَمْوَاتًا (26) (ඔබගෙන්) පණපිටින් සිටින්නන්ටද, මරණයට පත් වූවන්ටද
 | 
| وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا (27) එහි උස් කඳුද අපි නිර්මාණය කර මිහිරි ජලයද (ඒවායෙන්) ඔබට බීමට සලස්වන්නෙමු
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (28) (අපගේ මෙම කළකම්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ (29) (විනිශ්චය දිනදී මොවුන්ට) “කුමන (නිරයක්) ඔබ බොරු කරමින් සිටියෙහුද, ඒ දෙසට ඔබ යනු”
 | 
| انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ (30) “කොටස් තුනකින් යුත් (නිරයේ) දුමාරය දෙසට ඔබ යනු” (යයි කියනු ලැබේ)
 | 
| لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ (31) (එහි සිසිළ ගෙන දෙන) සෙවණක්ද නොමැත. උෂ්ණත්වය සමනය කළ හැකි කිසිවක්ද නොතිඛෙණු ඇත
 | 
| إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ (32) (එහෙත්) විශාල මාලිගාවන් මෙන් ගිනි දැල් විහිදුවමින්ම තිඛෙණු ඇත
 | 
| كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ (33) ඒවා කහ වර්ණයෙන් යුත් (විශාල) ඔටුවන් මෙන් දිස් වේ
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (34) (මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ (35) එයම ඔවුන් කතා කිරීමට පවා ශක්තියක් නොලැඛෙන දිනයකි
 | 
| وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ (36) තවද ප්‍රශංසා කිරීමටද ඔවුන්ට අනුමැතියක් ලබා දෙනු නොලැබේ
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (37) (මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ (38) මෙයම විනිශ්චය දිනයයි. ඔබවත් (ඔබට) පෙර විසූවන්වද (විනිශ්චය සඳහා) අපි ඒකරාශී කර දමන්නෙමු
 | 
| فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ (39) එබැවින් (එදිනදී ඔවුන්ට) “බේරීමට ඔබ වෙත යම්කිසි කුමන්ත්‍රණයක් තිඛෙන්නේ නම්, කර බලනු” (යයිද කියනු ලැබේ)
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (40) මෙය බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ (41) (එහෙත්) භය භක්තිකයින් නියත වශයෙන්ම (එදිනදී ස්වර්ගයන්හි ඇති ගස්වල) සෙවණෙහිද, (එහි අඩියේ ඇති) උල්පත්හිද, සිටිනු ඇත
 | 
| وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ (42) ඔවුන් කැමති පලතුරු වර්ග ඔවුන්ට ඇත
 | 
| كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ (43) (ඔවුන්ට) “ඔබ කරමින් සිටින (හොඳ) ක්‍රියාවන්හි හේතුවෙන් ඕනෑතරම් මේවා අනුභව කර, පානය කරමින් සිටිනු” (යයි කියනු ලැබේ)
 | 
| إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ (44) නියත වශයෙන්ම මේ අන්දමටම හොඳ කරන්නන්ටද අපි ඵලවිපාක දෙන්නෙමු
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (45) (මෙය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ (46) (මෙය බොරු කරන්නෙනි! මෙලොවදී) ඔබ අනුභව කර පොඩියක් සුවය විඳිනු. (එහෙත්) නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන්ය
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (47) (දෙවියන්ගේ ආයාවන්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ (48) ඔවුන්ට “(දෙවියන් ඉදිරියේ) ඔබ නැවී නමදිනු” යයි කියනු ලැබුවහොත් ඔවුන් නැවී නමදින්නේම නැත
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (49) (ඔහුගේ මෙම නියෝගය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
 | 
| فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ (50) මින් පසුව කුමන කාරණාවක් නම්, ඔවුන් විශ්වාස කරයිද
 |