وَالشَّمْسِ وَضُحَاهَا (1) සූර්යයා මතද, එහි ආලෝකය මතද |
وَالْقَمَرِ إِذَا تَلَاهَا (2) (එය අවරට ගිය) පසු එය පසුපස උදා වන චන්ද්‍රයා මතද |
وَالنَّهَارِ إِذَا جَلَّاهَا (3) (සූර්යයා) ආලෝකවත් වන දහවල මතද |
وَاللَّيْلِ إِذَا يَغْشَاهَا (4) (එය) වසා ගන්නා රාත්‍රිය මතද අහස මතද |
وَالسَّمَاءِ وَمَا بَنَاهَا (5) එය උත්පාදනය කළ අය මතද |
وَالْأَرْضِ وَمَا طَحَاهَا (6) භූමිය මතද එය දිග හැරූ අය මතද |
وَنَفْسٍ وَمَا سَوَّاهَا (7) ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද |
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا (8) එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම |
قَدْ أَفْلَحَ مَن زَكَّاهَا (9) කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) තමන්ව පරිශුද්ධ කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය |
وَقَدْ خَابَ مَن دَسَّاهَا (10) කවුරුන් එය (පාපයෙහි) වළලා දැම්මේද, ඔහු නියත වශයෙන්ම පරාජය අත් කර ගත්තේය |
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا (11) සමූද් නමැති සමූහය (සාලිහ් නබිව) තමන්ගේ අපරාධය මගින් බොරුකාරයා කළහ |
إِذِ انبَعَثَ أَشْقَاهَا (12) ඔවුන්ගෙන් වූ එක් අභාග්‍යවන්තයෙකු ඉදිරියට පැමිණි විට |
فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا (13) අල්ලාහ්ගේ දූතයා (වන සාලිහ් නබි) ඔවුන්ට “(මෙය) අල්ලාහ්ගේ ඔටු දෙනකි. (මෙයට වේදනා නොකරද) මෙයට වතුර බීම (වළක්වා නොකරද) අත්හැර දමනු” යයි පැවසුවේය |
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا (14) එහෙත් ඔවුන් ඔහුව බොරුකර, උගේ කකුලේ නහරය කපා දැමූහ. එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ මෙම පාපයෙහි හේතුවෙන් ඔවුන් කෙරෙහි දඬුවම පහළ කර, ඔවුන් සියල්ලන්වම (බිමට) සමතලා කර දැමුවේය |
وَلَا يَخَافُ عُقْبَاهَا (15) මෙම තීරණය ගැන (තමන්ව පළි ගනු ලබාවිදෝ යයි) ඔහු බිය වූවේ නැත |