| سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى (1) (නබියේ!) ඉතාමත් ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඔබ ප්‍රශංසා කර සුවිශුද්ධ කරනු මැනව
 | 
| الَّذِي خَلَقَ فَسَوَّىٰ (2) ඔහුම (සියලූ උත්පාදනයන්ම) උත්පාදනය කර (ඒවා නියමිත අන්දමට) සැලසුම් කළ අයයි
 | 
| وَالَّذِي قَدَّرَ فَهَدَىٰ (3) ඔහුව (ඒවාට අවශ්‍ය සියලූ දැය) මනක්කල්පිත කර (ඒවා ලැබිය හැකි) මාර්ගයන්ද (ඒවාට) දැනුම් දුන්නේය
 | 
| وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ (4) ඔහුම (ගමේ සතුන්ට) උලෑ කෑමට අවශ්‍ය දැයද ඉකුත් කරන්නේය
 | 
| فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ (5) පසුව ඒවා වියළී ගිය පඞරැල් බවට පත් කරන්නේය
 | 
| سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ (6) (නබියේ! මෙම කුර්ආනය) අපි ඔබට සමුදීරණය කිරීමට උගන්වන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, (එහි කිසිම දැයක්) ඔබ අමතක කරන්නේ නැත
 | 
| إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ (7) නියත වශයෙන්ම ඔහු සැඟවී ඇති දැයද, පිටත පෙනුමට ඇති දැයද හොඳින් දන්නේය
 | 
| وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ (8) පහසු වූ (ධර්මය) අපි ඔබට පහසු කර ලබා දෙන්නෙමු
 | 
| فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ (9) එබැවින් හොඳ ඔවදන් (ජනයාට) ප්‍රයෝජනවත් වන තුරු ඔබ දේශනා කරමින්ම සිටිනු
 | 
| سَيَذَّكَّرُ مَن يَخْشَىٰ (10) නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නේද, ඔහු (මෙමගින්) හොඳ දැනුමක් අත් කර ගන්නේය
 | 
| وَيَتَجَنَّبُهَا الْأَشْقَى (11) අභාග්‍යවන්තයා නම්, මෙයින් ඈත් වී යන්නේය
 | 
| الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ (12) (එහෙත්) ඔහු (නිරයේ) ඉමහත් ගින්න අත් කර ගන්නේය
 | 
| ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ (13) පසුව එහි ඔහු මරණයට පත් වන්නේද නැත. (සැපසේ) ජීවත් වන්නේද නැත
 | 
| قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ (14) කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) පරිශුද්ධවන්තයෙකු වන්නේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය
 | 
| وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ (15) ඔහු තම දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින්ද, නමදිමින්ද සිටින්නේය
 | 
| بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا (16) එහෙත් ඔබ නම්, (පරලොව අත්හැර දමා) මෙලොව ජීවිතය තෝරා ගත්තෙහුය
 | 
| وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ (17) පරලොව ජීවිතයම ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක්ද වන්නේය
 | 
| إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ (18) නියත වශයෙන්ම මෙය පෙර තිබූ ආගම්වලද
 | 
| صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ (19) ඉබ්රාහීම් හා මූසාගේ ආගම්වලද ඇත්තේය
 |