×

سورة محمد باللغة السنهالية

ترجمات القرآنباللغة السنهالية ⬅ سورة محمد

ترجمة معاني سورة محمد باللغة السنهالية - Sinhala

القرآن باللغة السنهالية - سورة محمد مترجمة إلى اللغة السنهالية، Surah Muhammad in Sinhala. نوفر ترجمة دقيقة سورة محمد باللغة السنهالية - Sinhala, الآيات 38 - رقم السورة 47 - الصفحة 507.

بسم الله الرحمن الرحيم

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ (1)
කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගයෙහි (මිනිසුන් ගමන් කිරීමද) වළක්වමින් සිටියෝද, ඔවුන්ගේ (කුමන්ත්‍රණය වන මෙම) ක්‍රියාවන් (අල්ලාහ්) ප්‍රයෝජනයක් නැති දැය බවට පත් කළේය
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ (2)
කවුරුන් (අල්ලාහ්ව) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන්ද කර, මුහම්මද් (නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නමින් පහළ කරනු ලැබූ එය තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයේ සිට පැමිණි සත්‍ය (ධර්මය) යයි විශ්වාස කරමින් සිටියෝද, ඔවුන් (නොදැනුවත්ව කළ) නපුරු ක්‍රියාවන් ඔවුන්ගෙන් පහ කර, ඔවුන්ගේ තත්වයද (දෙවියන් හොඳ අතට හරවා) පිළිසකර කළේය
ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ (3)
මන්දයත් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බොරුවම අනුගමනය කරමින් සිටියහ. විශ්වාසය තැබූවන් නම්, නියත වශයෙන්ම තමන්ගේ දෙවියන්ගෙන් පැමිණි සත්‍යයම අනුගමනය කරමින් සිටියහ. මෙසේම (අනිත්) මිනිසුන්ට අල්ලාහ් ඔවුන්ගේ තත්වය උදාහරණ වශයෙන්ම (ගෙනහැර දක්වා පැහැදිලි) කරන්නේය
فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانتَصَرَ مِنْهُمْ وَلَٰكِن لِّيَبْلُوَ بَعْضَكُم بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَن يُضِلَّ أَعْمَالَهُمْ (4)
(විශ්වාසවන්තයිනි! ඔබට විරුද්ධව යුද්ධ කරන) ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ හමු වන්නේ නම්, (කිසි චකිතයක් නැතිව) ඔවුන්ගේ ඛෙලි කපා දමනු. ඔවුන්ව ඔබ පරදවා හැරියහොත් (ඉතිරි අයව සිර)භාරයට ගෙන බැඳ දමනු. ඉන් පසුව (ඔවුන් වෙනුවට) යම්කිසි වන්දියක් ලදහොත් හෝ නැතහොත් (වන්දියක් නොමැතිව ඔවුන් කෙරෙහි) අනුකම්පාවෙන් හෝ අත් හැර දමනු. (මෙසේ යුද්ධ කරන සතුරන්) තම ආයුධ බිම තබන තුරු (යුද්ධ කරනු). මෙය (අල්ලාහ්ගේ නියෝගයකි). අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, (ඔවුන් ඔබ සමග යුද්ධ කිරීමට පැමිණීමට පෙරම) ඔවුන්ගෙන් පළි ගන්නට ඉඩ තිබුණි. එහෙත් (යුද්ධය මගින්) ඔබගෙන් සමහරෙකුව තවත් සමහරෙකු මගින් පිරික්සන්නේය. එබැවින් අල්ලාහ්ගේ මාර්ගයෙහි කවුරුන් කපනු ලැබ (මරණයට) පත් වන්නෝද, ඔවුන්ගේ (පින් ඇති) ක්‍රියාවන් අපතේ හරින්නේ නැත. (එයට සරිලන ඵලවිපාකම දෙනු ඇත)
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ (5)
ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කර, ඔවුන්ගේ තත්වයද පිළිසකර කර හරිනු ඇත
وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ (6)
තවද ඔහු ඔවුන්ට දැනුම් දෙනු ලැබූ ස්වර්ගයෙහිද ඔවුන්ව ඇතුළු කරන්නේය
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ (7)
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට උදව් කළහොත් ඔහුද ඔබට උදව් කර, ඔබගේ පාදයන් ස්ථීර කර හරින්නේය
وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ (8)
කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට විනාශයයි! (ඔවුන්ගේ කකුල් අස්ථාවර කර) ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල ප්‍රයෝජනවත් නොවන දැය බවට පත් කරනු ඇත
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ (9)
මන්දයත් අල්ලාහ් පහළ කර තැබු දැය ඇත්තෙන්ම ඔවුන් පිළිකුල් කර, (ප්‍රතික්ෂේප) කර දැමූහ. එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල (අල්ලාහ්) විනාශ කර දැමුවේය
۞ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا (10)
ඔවුන් භූමියෙහි සංචාරය කර බැලූවේ නැද්ද? එසේ නම්, ඔවුන්ට පෙර (නපුර කරමින්) සිටි අයගේ අවසානය කෙසේ වූයේද යන්න දැක ගනු ඇත. (කළින් නපුර කරමින් සිටි) ඔවුන්ව අල්ලාහ් සහමුලින්ම විනාශ කර දැමුවේය. ප්‍රතික්ෂේප කරන්නන්ටද මේවා වැනි දැයම හමු වනු ඇත
ذَٰلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَىٰ لَهُمْ (11)
මන්දයත් විශ්වාසය තැබූවන්ගෙන් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ්ම සිටින්නේය. ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම ආරක්ෂකයෙකුද නැත
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَّهُمْ (12)
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරන්නේය. කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සතුන් කන්නාක් මෙන් කමින්ද, (සතුන් මෙන්) සුවය විඳිමින්ද සිටින්නාහ. (එහෙත්) ඔවුන් (අවසාන වශයෙන්) රැෙඳන ස්ථානය නිරයයි
وَكَأَيِّن مِّن قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ (13)
(නබියේ!) ඔබගේ රටින් ඔබව පිටමං කළ අයට වඩා කොපමණදෝ රටවැසියන් ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටියහ. (ඔවුන් කළ අපරාධයන්හි හේතුවෙන්) ඔවුන්ව අපි විනාශ කර දැමුවෙමු. (ඒ අවස්ථාවේදී) ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් සිටියේ නැත. (එබැවින් මොවුන් මොන මුල්ලකටද! මොවුන්වද අපි අනිවාර්යයෙන්ම විනාශ කර දමන්නෙමු)
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ كَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُم (14)
කවුරුන් තම දෙවියන්ගේ පැහැදිලි (ඍජු) මාර්ගය මත සිටින්නේද ඔහු, කවුරුන්ගේ නපුරු කාරණාවන් අලංකාරවත් ලෙස පෙන්වනු ලැබුවේද ඔහුට, සමාන වන්නෙහිද? (මෙවැනි) ඔවුන් තමන්ගේ (ශරීර) ආශාවන්ම අනුගමනය කරන්නාහ
مَّثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِّن مَّاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِّن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّارِبِينَ وَأَنْهَارٌ مِّنْ عَسَلٍ مُّصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ (15)
පරිශුද්ධවන්තයින්ට පොරොන්දු දෙන ලද ස්වර්ගයෙහි උදාහරණය නම්, එහි හානියකින් තොර (පරිශුද්ධ වූ) දිය දහරා ඇත්තේය. (පරිශුද්ධ වූ) රසය වෙනස් නොවන කිරි වලින් යුත් ගංඟාවන්ද ඇත්තේය. පානය කරන්නන්ට ඉමිහිරි රසයක් ගෙන දිය හැකි මිදි රසයෙන් පිරි ගංඟාවන්ද ඇත. තවද පැහැදිලි මී පැනි ගංඟාවන්ද ඇත්තේය. තවද එහි ඔවුන්ට සියලූ අන්දමේ පලතුරු වර්ගද, තමන්ගේ දෙවියන්ගේ සමාවද (ඔවුන්ට) ඇත. (මෙවැනි සුවයන් විඳින අය), නිරයෙහි සදාකල් රැඳී සිටිමින් උතුරණ ලෝදිය පොවනු ලැබ, බඩවැල් සියල්ල කඩා විනාශ කර දැමිය හැකි අයට සමාන වන්නෙහිද
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰ إِذَا خَرَجُوا مِنْ عِندِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ أُولَٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ (16)
(නබියේ! ඔබ මෙම ධර්මය සමුදීරණය කළ අවස්ථාවේදී) ඔබට සවන් දෙන අය (මෙන් සිටින්නන්) ඔබගෙන් ඈත් වී පිටමං වූ වහාම, (විශ්වාසවන්තයින් වන මෙම ධර්ම) ඥානය ලබා දෙනු ලැබූ අයට (සමච්චලයෙන් “ඔබගේ නබි වන) ඔහු, ටිකකට කළින් කුමක් නම් කීවෙහිද?”යි විමසන්නන්ද ඔවුන්ගෙන් සිටින්නාහ. මෙවැන්නන්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා කර හැරියේය. (එබැවින්) මොවුන් තමන්ගේ (ශරීර) ආශාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නාහ
وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ (17)
කවුරුන් ඍජු මාර්ගයෙහි ගමන් කරන්නෝද, (ඔවුන් මෙම ධර්මය සවන් දෙන හේතුවෙන්) ඔවුන්ගේ ඍජුභාවය (නැවත නැවතත්) වැඩි කර, පරිශුද්ධ භාවයද, ඔවුන්ට (දෙවියන්) ලබා දෙන්නේය
فَهَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ (18)
(නබියේ! එම පාපතරයන්) තමන් වෙත හදිසියේ පැමිණිය හැකි විනිශ්චය (දින දඬුවම) මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? මන්දයත් එහි සළකුණු නියත වශයෙන්ම පැමිණ ඇත. එය ඔවුන් වෙත පැමිණි පසු (ඒ ගැන) ඔවුන්ට අවවාද කිරීමෙන් කුමන ප්‍රයෝජනයක්ද
فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ (19)
(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැත යන්න ඔබ (ස්ථීර වශයෙන්) දැනගෙන, විශ්වාසය තැබූ පිරිමින් වෙනුවෙන්ද, විශ්වාසය තැබු ගැහැනුන් වෙනුවෙන්ද, ඔබ වෙනුවෙන්ද, පව් සමාව ඉල්ලා සිටිනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔබගේ හැසිරීමද, ඔබගේ වාසස්ථානයන්ද අල්ලාහ් හොඳින් දන්නේය
وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنزِلَتْ سُورَةٌ مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ (20)
විශ්වාසය තැබූවන්ගෙන්ද, (බොහොමයක් දෙනා යුද්ධය ගැන) යම්කිසි (තනි) පරිච්ඡේදයක් පහළ කළ යුතු නොවේද?යි පවසන්නාහ. එසේම (පැහැදිලි හා) එක් ස්ථීර වූ පරිච්ඡේදයක පහළ කරනු ලැබ, යුද්ධ කරන මෙන් එහි පවසා තිබුනහොත්, කවුරුන්ගේ හෘදයන්හි අසනීප ඇත්තේද, ඔවුන් මරණාසන්නයට පැටළී සිහි මූර්ඡා වී වැටී සිටින්නන් බලන්නාක් මෙන් (නබියේ!) ඔබව, ඔවුන් බලනු ඔබ දකින්නෙහිය! එබැවින් මොවුන්ට විනාශයයි
طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ (21)
(නබියේ! ඔබට) අවනත වී කටයුතු කිරීමද, (ඔබ වෙත කුමක් පැවසුවා වුවද), ගෞරවණීය අන්දමට කතා කිරීම ම (ඔවුන්ට අගනේය). එබැවින් (යුද්ධය ගැන) එක් කාරණවක් අවසන් වූ පසු, අල්ලාහ්ට ඔවුන් සත්‍යය වශයෙන් කටයුතු කළේ නම්, එය ඔවුන්ටම හොඳක් වශයෙන් තිඛෙනු ඇත
فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ (22)
(වංචනිකයිනි!) ඔබ (යුද්ධයට නොපැමිණ) ඈත් වූ පසු ඔබ භූමියෙහි ගොස් නපුර කර, ඔබගේ නෑකම් බිඳ දැමීමට බලන්නෙහුද
أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ (23)
මෙවැන්නන්ව අල්ලාහ් ශාප කර, ඔවුන්ව බිහිරන් බවට පත් කර, ඔවුන්ගේ ඇස් පෙනුමද පහ කර, අන්ධයින් බවට පත් කළේය
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا (24)
ඔවුන් මෙම කුර්ආනය පරිශීලණය කර බැලිය යුතු නොවේද? නැතහොත් (ඔවුන්ගේ) හෘදයන් මත අගුල් දමනු ලැබුවේද
إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ (25)
නියත වශයෙන්ම කවුරුන් හට ඍජු මාර්ගය මෙය යයි පැහැදිලි වූ පසුද, ඔවුන් (එය කෙරෙහි නොගොස්) තමන්ගේ පසුපසට හැරී ගියෝද, ඔවුන්ගේ වැරදි සිතුවිලි ෂෙයිතාන් විස්තීරණය කර ඔවුන්ට (ඒවා) අලංකාරවත් කරද හැරියේය
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ (26)
මන්දයත් නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් පහළ කළ (මෙම ධර්මය) පිළිකුල් කරන්නන් (වන යුදෙව්වන්ට) “අපි සමහර කාරණාවන්හි ඔබවම අනුගමනය කර කටයුතු කරන්නෙමු” යයි (රහසින්) පවසන්නාහ. ඔවුන්ගේ රහස් අල්ලාහ් හොඳින් දන්නේය
فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ (27)
ඔවුන් (මරණයට පත් වන විට) පණ අත්පත් කර ගන්නා මලායිකාවරුන් මොවුන්ගේ මුහුණු වලටද, මොවුන්ගේ පිට කොඳු වලටද, (තදින් පහර දෙන්නාහ. ඔවුන්) පහර දෙන විට (ඔවුන්ගේ තත්වය) කෙසේ තිඛෙන්නට ඇත්ද
ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ (28)
මන්දයත් අල්ලාහ්ට කෝපය ඇති කරවන දැයම මොවුන් අනුගමනය කර, ඔහුව කෝපයට පත් කරන දැය පිළිකුල් කරමින් සිටියහ. එබැවින් මොවුන්ගේ (පින් ඇති) ක්‍රියාවන් (අල්ලාහ්) විනාශ කර දැමුවේය
أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ (29)
කවුරුන්ගේ හෘදයන්හි (කුහකකම නමැති) අසනීපය ඇත්තේද, ඔවුන් තමන්ගේ ක්‍රෝධය අල්ලාහ් එළිදරව් කර නොදමනු ඇතැයි අදහස් කරමින් සිටින්නෙහුද
وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ ۚ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ (30)
(නබියේ!) අපි කැමති වුවහොත් ඇත්තෙන්ම ඔවුන්ව, ඔබට (ප්‍රත්ත්‍යක්ෂයෙන්ම) පෙන්වා හරින්නෙමු. (එවිට) ඔවුන්ගේ (මුහුණේ) සළකුණු වලින්ම ඔබ ඔවුන්ව නියත වශයෙන්ම දැන ගන්නෙහිය. ඔවුන්ගේ (උපායශීලී) කතාබහේ හැඩයෙන්ම ඔබ ඔවුන්ව නියත වශයෙන්ම දැන ගන්නෙහිය. (වංචනිකයිනි!) අල්ලාහ් ඔබගේ වැඩ කටයුතුද හොඳින් දන්නේය
وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ (31)
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (හිත ඇතිවම) යුද්ධ කරන්නන් කවුරුන්ද යන්නද, (යුද්ධයේදී ඇති වන අමාරුකම් ස්ථීරව) විඳ දරාගන්නා අය කවුරුන්ද යන්නද අපි දැනගෙන (දැනුම්) දෙන තුරු ඔබවද, ඔබ ගැන වූ කාරණාවන්ද නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කරමින්ම සිටින්නෙමු
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَن يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ (32)
නියත වශයෙන්ම කවුරුන් ඍජු මාර්ගය මෙය යයි තමන් තුළ පැහැදිලි වූ පසුවද, (එය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගය (අන් අයට) වළක්වා ලමින් (අල්ලාහ්ගේ) දූතයාට විරුද්ධව කටයුතු කරන්නෝද, ඔවුන් (එමගින්) නියත වශයෙන්ම අල්ලාහ්ට කිසිම හානියක් කර හැරීමට නොහැකිය. ඔවුන්ගේ (කුමන්ත්‍රණ වන) වැඩ කටයුතු (සියල්ල) නියත වශයෙන්ම අල්ලාහ් විනාශ කර දමනු ඇත
۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ (33)
විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) අල්ලාහ්ටද, අවනත වනු. (ඔහුගේ) දූතයාටද අවනත වනු. (ඔවුන්ට වෙනස්තම් කර) ඔබගේ (පින් ඇති) ක්‍රියාවන් ඔබ අපතේ නොහරිනු
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ اللَّهُ لَهُمْ (34)
නියත වශයෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයද, වළක්වා දමා ප්‍රතික්ෂේප කරමින්ම සිටින්නෝද, ඔවුන් (ගේ වැරදි වලට) අල්ලාහ් කිසි කලෙක සමාව දෙන්නේම නැත
فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ (35)
(යුද්ධ කරන විශ්වාසවන්තයිනි! අවමන් ගෙන දෙන අන්දමට) ඔබ ධෛර්යය බිඳී සමාදානය ඉල්ලා නොසිටිනු. (මන්දයත්) ඔබම මුදුන්පත් වන්නෙහුය. අල්ලාහ් ඔබ සමගම සිටින්නේය. ඔබගේ (පින් ඇති) ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු කර දමන්නේ නැත
إِنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِن تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ (36)
මෙලොව ජීවිතය නම්, ඇත්තෙන්ම (පුහු) සෙල්ලමක් හා විනෝදයක් පමණි. ඔබ විශ්වාසය තබා (ඔහුට) බිය වී කටයුතු කළහොත් ඔබගේ ඵලවිපාක ඔහු ඔබට ලබා දෙනු ඇත. ඔබගේ වස්තූන් ඔහු (තමන් වෙනුවෙන්) ඔබගෙන් ඉල්ලන්නේ නැත
إِن يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ (37)
(ඔබගේ යහපතක් සඳහාම ඉල්ලනු ඇත. එසේ) ඔහු (තමන් වෙනුවෙන්) ඔබ වෙතින් එය ඉල්ලා බල කළා වුවද, (එය නොදී) ඔබ මසුරුකම් කරන්නෙහුය. (ඒ අවස්ථාවේදී) අල්ලාහ් ඔබගේ නපුරු සිතුවිලි එළිදරව් කර හරිනු ඇත
هَا أَنتُمْ هَٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنتُمُ الْفُقَرَاءُ ۚ وَإِن تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُم (38)
(ජනතාවෙනි!) ඔබ හොඳින් අවධානයෙහි තබා ගනු. අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කිරීමට කැඳවන අවස්ථාවේදී මසුරුකම් කරන්නාද, ඔබ අතරේ සිටින්නේය. (එසේ) කවුරුන් හෝ මසුරුකම් කළහොත් ඔහු තමන්ට විනාශයක් වශයෙන්ම මසුරුකම් කරන්නේය. අල්ලාහ් නම්, අවශ්‍යාතාවයන් නොවන්නෙකි. ඔබ අවශ්‍යතාවයන් උවමනා අය වශයෙන්ම සිටින්නෙහුය. (ඔහුගේ නියෝගයන් නැවතත්) ඔබ ප්‍රතික්ෂේප කළහොත් (ඔබව විනාශ කර දමා) ඔබ නොවන ජනතාවක් (ඔබගේ ස්ථානයෙහි) මාරු කර (පත් කර) හරින්නේය. පසුව ඔවුන් ඔබ මෙන් නොවන්නාහ
❮ السورة السابقة السورة التـالية ❯

قراءة المزيد من سور القرآن الكريم :

1- الفاتحة2- البقرة3- آل عمران
4- النساء5- المائدة6- الأنعام
7- الأعراف8- الأنفال9- التوبة
10- يونس11- هود12- يوسف
13- الرعد14- إبراهيم15- الحجر
16- النحل17- الإسراء18- الكهف
19- مريم20- طه21- الأنبياء
22- الحج23- المؤمنون24- النور
25- الفرقان26- الشعراء27- النمل
28- القصص29- العنكبوت30- الروم
31- لقمان32- السجدة33- الأحزاب
34- سبأ35- فاطر36- يس
37- الصافات38- ص39- الزمر
40- غافر41- فصلت42- الشورى
43- الزخرف44- الدخان45- الجاثية
46- الأحقاف47- محمد48- الفتح
49- الحجرات50- ق51- الذاريات
52- الطور53- النجم54- القمر
55- الرحمن56- الواقعة57- الحديد
58- المجادلة59- الحشر60- الممتحنة
61- الصف62- الجمعة63- المنافقون
64- التغابن65- الطلاق66- التحريم
67- الملك68- القلم69- الحاقة
70- المعارج71- نوح72- الجن
73- المزمل74- المدثر75- القيامة
76- الإنسان77- المرسلات78- النبأ
79- النازعات80- عبس81- التكوير
82- الإنفطار83- المطففين84- الانشقاق
85- البروج86- الطارق87- الأعلى
88- الغاشية89- الفجر90- البلد
91- الشمس92- الليل93- الضحى
94- الشرح95- التين96- العلق
97- القدر98- البينة99- الزلزلة
100- العاديات101- القارعة102- التكاثر
103- العصر104- الهمزة105- الفيل
106- قريش107- الماعون108- الكوثر
109- الكافرون110- النصر111- المسد
112- الإخلاص113- الفلق114- الناس