| وَالسَّمَاءِ وَالطَّارِقِ (1) අහස මතද, අළුයම් තාරකාව මතද, සත්තකින්ම
 | 
| وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ (2) (නබියේ!) අළුයම් තාරකාව කිමෙක්දැයි ඔබ දන්නෙහිද
 | 
| النَّجْمُ الثَّاقِبُ (3) (එය) ගිණි දැල් විහිදුවන තාරකාවකි
 | 
| إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ (4) සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු නැත්තේ නොවේ
 | 
| فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ (5) එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරනු ලැබ ඇත්තේදැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය
 | 
| خُلِقَ مِن مَّاءٍ دَافِقٍ (6) (ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේය
 | 
| يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ (7) එය කොඳු ඇටවලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය
 | 
| إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ (8) (මෙසේ උත්පාදනය කරනු ලබන) ඔහු, (මොහු මරණයට පත් වූ පසු මොහුට පණ දී) නැවත පණ ගැන්වීමටද, නියත වශයෙන්ම ඔහු බලසම්පන්නයෙකි
 | 
| يَوْمَ تُبْلَى السَّرَائِرُ (9) කුමන දිනකදී සියලූ ගුප්ත දැයද එළිදරව් වී යන්නේද
 | 
| فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ (10) (එදිනදී) මිනිසාට කිසිම ශක්තියක් ඇත්තේ නැත. උදව් කරන්නන්ද ඇත්තේ නැත
 | 
| وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ (11) වර්ෂාව වසිනා අහස මතද
 | 
| وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ (12) (පැළෑටි, ගස්වැල් ආදිය වැඩෙන්නට) පුපුරණ භූමිය මතද
 | 
| إِنَّهُ لَقَوْلٌ فَصْلٌ (13) සත්තකින්ම! ඇත්තෙන්ම මෙය (පින් පව් දෙක) වෙන්කර දැන්විය හැකි පොරොන්දුවකි
 | 
| وَمَا هُوَ بِالْهَزْلِ (14) මෙය පුහු සමච්චල් (වදනක්) නොව
 | 
| إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا (15) (නබියේ!) නියත වශයෙන්ම ඔවුන් (ඔබට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නාහ
 | 
| وَأَكِيدُ كَيْدًا (16) මමද (ඔවුන්ට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නෙමි
 | 
| فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا (17) එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට (එතෙක්) ඔබ අවකාශයක් ලබා දෙනු. (අධික වශයෙන් නොව). ඉතාමත් සුළු අවකාශයක් ලබා දෙනු
 |