| قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا (1) (නබියේ!) ඔබ මෙසේ පවසනු: වහී මගින් මා හට දැනුම් දෙන ලදී. ඇත්තෙන්ම ජින්වරුන්ගෙන් සමහරක් (මෙම ධර්මයට) සවන් දී (තමන්ගේ වාර්ගිකයින් වෙත ගොස් ඔවුන්ට) “නියත වශයෙන්ම අපි ඉතාමත් පුදුමාකාර එක් කුර්ආනයකට සවන් දුන්නෙමු”
 | 
| يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَا أَحَدًا (2) “එය ඍජු මාර්ගය දැනුම් දෙන්නේය. එබැවින් එය අපි විශ්වාස කළෙමු. (මින්පසු) අපි අපගේ දෙවියන්ට කිසිවෙකුත් සමානයන් වශයෙන් නොතබන්නෙමු”
 | 
| وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا (3) “නියත වශයෙන්ම අපගේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉතාමත් උසස්ය. ඔහු කිසිවෙකුත් (තමන්ගේ) භාර්යයාවන් වශයෙන් හෝ දරුවන් වශයෙන් හෝ ඇර ගත්තේ නැත” යයි පැවසූහ
 | 
| وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا (4) (නැවතත් ඔවුන් මෙසේ පැවසූහ): “නියත වශයෙන්ම අපගෙන් වූ මෝඩයින් අල්ලාහ් කෙරෙහි (ඔහුගේ පරිශුද්ධභාවයට) සුදුසු නැති කාරණාවන් පවසන්නාහ”
 | 
| وَأَنَّا ظَنَنَّا أَن لَّن تَقُولَ الْإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا (5) “මිනිසුන්ද, ජින්වරුන්ද නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේ නැත යයි ඇත්තෙන්ම (මෙතෙක්) අපි අදහස් කරමින් සිටියෙමු”
 | 
| وَأَنَّهُ كَانَ رِجَالٌ مِّنَ الْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا (6) “මිනිසුන්ගෙන් වූ පිරිමින් බොහොමයක් දෙනා, ජින්වරුන්ගෙන් වූ පිරිමින් බොහොමයක් දෙනා වෙත ඇත්තෙන්ම (තමන්ව) බේරා ගන්නා මෙන් ඉල්ලා සිටින්නාහ. මෙමගින් ඔවුන්ගේ උඞඟූභාවය වැඩි වී ගියේය”
 | 
| وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ اللَّهُ أَحَدًا (7) “ඔබ අදහස් කරන අන්දමටම ඔවුන්ද (මරණයට පත් වූ පසු) අල්ලාහ් කිසිවෙකුවත් (පණ දී) නැගිට්ටවනු ලබන්නේ නැත යයි නියත වශයෙන්ම අදහස් කර ගත්හ”
 | 
| وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا (8) “නියත වශයෙන්ම අපි අහස අතගා බැලූවෙමු. එය දැඩි මුරකාවල් වලින්ද, දැවෙන තාරකාවන්ගෙන්ද පුරවනු ලැබ ඇති බව අපි දුටුවෙමු”
 | 
| وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَن يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَّصَدًا (9) “(කළින්) එහි (සිදු වන කාරණාවන්) සවන් දිය හැකි විවිධ ස්ථානයන්හි අපි වාඩි වී සිටින්නෙමු. දැන් නම්, (ඒවාට) සවන් දීමට කවුරුන් හෝ ගියහොත් ගින්නෙහි ගිනි සැර ඔහුට (පහර දීමට) බලාපොරොත්තුවෙන් සිටිනු ඔහු දකිනු ඇත”
 | 
| وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَن فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا (10) “භූමියෙහි සිටින අයට (මෙමගින්) විපත් ඇති කරන්නට කැමති වන්නේද, නැතහොත් ඔවුන්ගේ දෙවියන් (මෙමගින්) ඔවුන්ට යහපතක්ම අදහස් කරන්නේද, යන්න නියත වශයෙන්ම අපි නොදැන ගන්නෙමු”
 | 
| وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا (11) “නියත වශයෙන්ම අපගෙන් හොඳ අයද සමහරෙක් සිටින්නාහ. එසේ නොවන්නෝද අපගෙන් සමහරෙක් සිටින්නාහ. අපි විවිධ කොටස් වශයෙන් ඛෙදී සිටියෙමු”
 | 
| وَأَنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَبًا (12) “නියත වශයෙන්ම අපි භූමියෙහි අල්ලාහ්ව පරාජය කරන්නට නොහැකිය යන්නද, (භූමියෙන්) දිව ගොස් ඔහුගෙන් බේරෙන්නට නොහැකිය යන්නද ස්ථීර වශයෙන් දැන ගත්තෙමු”
 | 
| وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا (13) “(මෙම කුර්ආනයෙහි ඇති) ඍජු මාර්ගයන් සවන් දුන් අවස්ථාවේදීම, එය අපි විශ්වාස කර ගත්තෙමු. කවුරුන් තම දෙවියන්ව විශ්වාස කරන්නේද, ඔහු පාඩුව ගැනද අසාධාරණය ගැනද බිය වන්නේ නැත”
 | 
| وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا (14) “(සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලීම්වරුන් බොහොමයක්ද නියත වශයෙන්ම අපගෙන් සිටින්නාහ. සීමාව ඉක්මවූවන්ද අපගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. කවුරුන් සම්පූර්ණයෙන්ම අවනත වන්නෝද, ඔවුන්ම ඍජු මාර්ගය තෝරා ගත් අයයි”
 | 
| وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا (15) “සීමාව ඉක්මවූවන් නම්, නිරයෙහි ඉන්දන දර කොටන් බවට පත් වූහ” (යයිද පැවසූහ)
 | 
| وَأَن لَّوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُم مَّاءً غَدَقًا (16) (නබියේ! මෙම මක්කාවාසීන් ධර්ම) මාර්ගයෙහි ස්ථීරව සිටියහොත් බාධාවකින් තොරවම ඔවුන්ට වර්ෂාව වසින්නට සලස්වමින් සිටින්නෙමු
 | 
| لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا (17) (මෙහිදී) ඔවුන්ව අපි පිරික්සන්නෙමු. එබැවින් කවුරුන් තම දෙවියන්ව මතක් කිරීමම ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දරුණු දඬුවමෙහි ඔහු ඇතුළු කර දමන්නේය
 | 
| وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا (18) නියත වශයෙන්ම මස්ජිදයන් සියල්ල අල්ලාහ්ගේ (නැමදුම) වෙනුවෙන්ම ඇත්තේය. එබැවින් (ඒවායෙහි) අල්ලාහ් සමග වෙනත් කිසිවෙකු (නැමදීමට නාමය පවසා) ආරාධනා නොකරනු
 | 
| وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا (19) නියත වශයෙන්ම අල්ලාහ්ගේ වහලා (වන අපගේ දූතයා), සලාතය සඳහා සිටගෙන ඔහුව ආරාධනා කරන විට, (මෙය දකින ජනතාව පුදුමයට පත් වී) සමූහ සමුහයන් වශයෙන් පැමිණ ඔහුව වට කර ගන්නාහ
 | 
| قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا (20) (ඔවුන්ට නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා ප්‍රාර්ථනා කර, ආරාධනා කරන්නේ, මගේ දෙවියන්වයි! ඔහුට කිසිවෙකුත් මා සමාන නොකරමි”
 | 
| قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا (21) “ඔබට හොඳක් හෝ නරකක් හෝ කිරීමට නියත වශයෙන්ම මා පොඩියක් හෝ ශක්තියක් නොමැත්තෙකි” යයිද පවසනු මැනව
 | 
| قُلْ إِنِّي لَن يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا (22) “නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් කිසිවෙකුත් මාව බේරා ගැනීම නොකරන්නේය. ඔහු හැර පිළිසරණක් ඇති ස්ථානයක් මා දකින්නේ නැත
 | 
| إِلَّا بَلَاغًا مِّنَ اللَّهِ وَرِسَالَاتِهِ ۚ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا (23) එහෙත් අල්ලාහ්ගේ සන්නිධානයෙන් (මා හට ලැබුණු) ඔහුගේ දූත මෙහෙවරේ පුවත් ගෙනහැර දැක්වීම මිස, (මා හට වෙන මගක් නැත). එබැවින් කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, වෙනස්කම් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරා ගින්නම (ඵලවිපාක වශයෙන්) ඇත්තේය. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ” යයි (නබියේ!) ඔබ පවසනු
 | 
| حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا (24) ඔවුන්ට බියගන්වනු ලැබූ දඬුවමම ඔවුන් (දෑසින්) දකින අවස්ථාවේදී කවුරුන්ගේ උදව්කරුවන් ඉතාමත් ඛෙලහීනයන් යන්නද, (කවුරුන්ගේ උදව්කරුවන්) ඉතාමත් ගණනයෙන් සුළු ප්‍රමාණයක් යන්නද, සැකයෙන් තොරව දැන ගන්නාහ
 | 
| قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا (25) (නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔබට පොරොන්දු දෙන ලද (දඬුවම) සමීපයෙහි ඇත්තේද, නැතහොත් මගේ දෙවියන් එයටත් නියමිත කාල අවකාශයක් ඇති කර ඇත්තේද යන්න මා දන්නේ නැත
 | 
| عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا (26) “ඔහුම (මෙවැනි) රහස් හොඳින් දන්නෙකි. ඔහුගේ රහස් ඔහු කිසිවෙකුටත් එළිදරව් කරන්නේද නැත”
 | 
| إِلَّا مَنِ ارْتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا (27) “එහෙත් (තමන්ගේ) තෝරා ගත් දූතයාට හැර. (එය ඔහුට, ඔහු දැනුම් දීමට ඉඩ ඇත. එය ඔහු, ඔහුට දැනුම් දුන් අවස්ථාවේදී) නියත වශයෙන්ම ඔහු ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද (මලායිකාවරයෙකු) ආරක්ෂකයෙකු වශයෙන් යවන්නේය
 | 
| لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا (28) (එම දූතයින්) තම දෙවියන්ගේ දූත මෙහෙවරේ පුවත් ඇත්තෙන්ම ගෙනහැර දැක්වූහ යන්න, තමන් දැන ගැනීම සඳහා (එසේ ආරක්ෂකයෙකු යවන්නේය). ඔවුන් වෙත ඇති දැය ඔහු (තම ඥානයෙන්) වටකර දැනගෙන සිටින අතර, සෑම වස්තුවකම ගණනයද පූරණව දන්නෙකු වශයෙන් සිටින්නේය
 |