الم (1) අලිෆ්. ලාම්. මීම් |
تَنزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ (2) (නබියේ! ඔබ කෙරෙහි) පහළ කරන ලද මෙම ධර්මය ලෝකවාසීන්ගේ දෙවියන් වෙතින්ම පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත |
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّا أَتَاهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ (3) (අපගේ නබි) “මෙය (තමන් විසින්ම) මනක්කල්පිත කර ගත්තේය” යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? එසේ නොව! මෙය ඔබගේ දෙවියන්, (ඔබට) පහළ කරන ලද සත්‍ය (ධර්මය) වන්නේය. ඔබ පෙර (මේ දක්වා) කිසිම දූතයෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව ඍජු මාර්ගයෙහි යවනු පිණිස, ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාම (මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය) |
اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ (4) අල්ලාහ්ම අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාපිත කළේය. (ඔබව) බේරා ගන්නට හෝ නැතහොත් (ඔබට) මැදිහත් වී කතා කරන්නට හෝ ඔහු හැර, (වෙන කිසිවෙකුත්) ඔබට නැත. (මෙය) ඔබ සිතා බැලිය යුතු නොවේද |
يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّونَ (5) අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම අවසානයද) ඔබ අදහස් කරන (ඔබගේ) ගණනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත |
ذَٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ (6) ඔහුම (අහස් හා භූමියෙහි ඇති) රහස්ද, නොරහස්ද, හොඳින් දන්නේය. (තවද සියල්ලට) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය |
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنسَانِ مِن طِينٍ (7) ඔහු උත්පාදනය කළ සෑම වස්තුවක්ම (එහි හැඩයද) ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කළේ ඔහුය. ඔහුම ආරම්භයේදී මිනිසා කිරිමැටියෙන්ම උත්පාදනය කළේය |
ثُمَّ جَعَلَ نَسْلَهُ مِن سُلَالَةٍ مِّن مَّاءٍ مَّهِينٍ (8) පසුව එක් අල්ප බිඳක් වන (ඉන්ද්‍රිය) සාරයෙන් ඔහුගේ පරම්පරාවේ දරුවන්ව (නිර්මාණය කර) ඇති කළේය |
ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ (9) පසුව එය රූපයක් වශයෙන් අඹා, තමන්ගේ රූහ් වෙතින් එහි පිඹ (මිනිසාව ඇති) කළේය. ඔබට කණ්, ඇස්, හෘදයන් ආදී දැයද ඔහුම නිර්මාණය කළේය. (මෙසේ තිබියදී) ඔබ කෘතඥ වීම ඉතාමත් අල්පයකි |
وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُم بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ (10) “(අපි මරණයට පත් වී) භූමියෙහි විනාශ වී ගිය පසු ඇත්තෙන්ම අපි අළුත් උත්පාදනයන් වශයෙන් නිර්මාණය කරනු ලබන්නෙමුද?”යි ඔවුන් කියන්නාහ. (එසේ) නොව, ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වීමද ප්‍රතික්ෂේප කරන්නාහ |
۞ قُلْ يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ (11) එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ කෙරෙහි ඔබගේ දෙවියන් විසින් පවරනු ලැබ ඇති මලක්කල් මව්ත් (නමැති මලායිකාවරයා)ම ඔබගේ පණ අත්පත් කරන්නේය. පසුව (නැවතත් පණ දෙනු ලැබ), ඔබගේ දෙවියන් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය” |
وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ (12) (නබියේ! විනිශ්චය සඳහා) මෙම වැරදිකරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමූ අය වශයෙන් “අපගේ දෙවියනේ! අපගේ ඇස්ද, කණ්ද, විවෘත විය. (අපි සියල්ල බලාද, අසාද දැන ගත්තෙමු. පෙර තිබූ ලෝකයට වරක්) ආපසු යවනු. අපි දැහැමි ක්‍රියාවන්ම කරන්නෙමු. නියත වශයෙන්ම අපි (මෙම විනිශ්චය දිනය) ස්ථීර වශයෙන් විශ්වාස කරන්නෙමු” යනුවෙන් (ප්‍රාර්ථනා කිරීම) ඔබ දකින්නේ නම්, (ඒ අවස්ථාවේදී ඔවුන්ගේ තත්වය කෙතරම් දීනවූ තත්වයකට වැටී ඇත්දැයි දැක ගන්නෙහිය) |
وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ (13) අපි කැමති වී තිබුණේ නම්, (මොවුන්ගෙන් වූ) සෑම මිනිසෙකුටම ඔහු ඍජු මාර්ගයෙහි යා හැකි බුද්ධිය දී ඇත්තෙමු. එහෙත් “ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද (වූ පාපතරයින්) සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි” යන මගේ පොරොන්දුව (මීට පෙරම) ඇති වන්නට තිබුණි |
فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ (14) “එබැවින් (අපව) හමු වන ඔබගේ මෙම දිනය ඔබ අමතක කර දැමීමේ ඵලවිපාක ඔබ විඳ බලනු. (මේ දිනය ඔබ අමතක කළ අන්දමටම අද) අපිද ඔබව අමතක කර දැමුවෙමු. ඔබ කරමින් තිබූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් සදාකල් ස්ථීර වූ දඬුවම විඳිමින් සිටිනු” (යයිද කියනු ලැබේ) |
إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩ (15) අපගේ ආයාවන් මතක් කර දෙනු ලැබුවහොත් කවුරුන් (භූමියෙහි) වැටී නළල බිම තබා සුජූද් කර, තමන්ගේ දෙවියන්ව ප්‍රශංසා කර සුවිශුද්ධ කරන්නෝද, ඔවුන්ම අපගේ ආයාවන් ඇත්තෙන්ම විශ්වාස කළ අයයි. ඔවුන් උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන්නේද නැත |
تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ (16) ඔවුන් (රාත්‍රියේ) නිදි යහනාවෙන් නැගිට තමන්ගේ දෑත් ඔසවා (මෑත් වී) තමන්ගේ දෙවියන් වෙත විශ්වාසය තබා බිය වී (ඔහුගෙන්) ප්‍රාර්ථනා කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් ඔවුන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ |
فَلَا تَعْلَمُ نَفْسٌ مَّا أُخْفِيَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ (17) ඔවුන් කළ (දැහැමි) කාරණාවන්ට ඵලවිපාක වශයෙන් ඔවුන් වෙනුවෙන් (පිළියෙල කර) සඟවා තබන ලද ඇස් පිනා යා හැකි (පරිත්‍යාග) කිසිවෙකුටත් දැන ගත නොහැක. (එතරම් උසස් පරිත්‍යාගයන් ඔවුන් වෙනුවෙන් පිළියෙල කරනු ලැබ ඇත්තේය) |
أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا ۚ لَّا يَسْتَوُونَ (18) විශ්වාසය තැබූ අය (දෙවියන්ට) වෙනස්කම් කරන්නෙකු මෙන් වන්නෙහිද? දෙදෙනාම සම නොවන්නාහ |
أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَىٰ نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ (19) කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් කරන (දැහැමි) කාරණාවන්හි හේතුවෙන් ස්වර්ගයන් වාසස්ථානයන් බවට පත් කර, (එහි) අමුත්තන් මෙන් සංග්‍රහ කරනු ලබන්නාහ |
وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ ۖ كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ (20) කවුරුන් පාපයන් කරන්නෝද, ඔවුන් රැඳී සිටින ස්ථානය (නිරා) ගින්නය. එයින් ඔවුන් පිටමං වීමට උත්සාහ කරන සෑම විටම, ඒ තුළට ඇද දමනු ලැබ “ඔබ බොරු කරමින් සිටි මෙම (නිරා) ගින්නෙහි දඬුවම විඳ බලනු” යයි ඔවුන්ට කියනු ලැබේ |
وَلَنُذِيقَنَّهُم مِّنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ (21) ඔවුන් (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, ඉමහත් වූ දඬුවම (පරලොවදී ඔවුන්) අත් කර ගැනීමට පෙරම (මෙලොවදී) දඬුවමක් ඔවුන් විඳින ලෙසට සලස්වන්නෙමු |
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا ۚ إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنتَقِمُونَ (22) තම දෙවියන්ගේ ආයාවන් මතක් කරනු ලැබීමෙන් පසුද ඒවා ප්‍රතික්ෂේප කර දමන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? නියත වශයෙන්ම අපි මෙවැනි වැරදිකරුවන් වෙතින් අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු |
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُن فِي مِرْيَةٍ مِّن لِّقَائِهِ ۖ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ (23) නියත වශයෙන්ම අපි මූසාටද එක් ධර්මයක් දී තිබුණෙමු. එබැවින් (නබියේ!) ඔහු එය ලබා ගැනීම ගැන ඔබ සැක නොසිතනු. අපි (මූසාට ලබා දුන්) එය, ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට එක් මාර්ගෝපදේශයක් බවට පත් කළෙමු |
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ (24) (අපගේ නියෝගයන්) ඉවසිලිමත්ව විඳ දරාගෙන අපගේ ආයාවන් ස්ථීරව විශ්වාස කළ ඔවුන්ගෙන් සමහරෙකුව අපගේ නියෝගයන්ට අනුව මාර්ගය පෙන්වන ප්‍රධානීන් වශයෙන් අපි පත් කළෙමු |
إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ (25) (නබියේ! ඔවුන්ගෙන් පසු මාර්ගෝපදේශකයන් වශයෙන් පත් වූ අය තමන් තුළ තර්ක කරමින් විවිධ කොටස් වශයෙන් ඛෙදී ගියහ). මොවුන් කුමන කාරණාවක තර්ක කරමින් සිටින්නෝද, ඒ ගැන විනිශ්චය දිනදී ඔබගේ දෙවියන් නියත වශයෙන්ම ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත |
أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ (26) මොවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන් වාසය කළ ස්ථානයන් කෙරෙහිම මොවුන් යාම් ඊම් කරමින් සිටියද, මොවුන්ට ඍජු මාර්ගය නොපෙණුනිද? නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත. (මෙයටවත්) ඔවුන් සවන් දෙන්නේ නැද්ද |
أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ (27) නියත වශයෙන්ම අපිම වියළී ගිය භූමිය දෙසට (වැසි) වලාකුළු පදවා ගොස් (වසින්නට සලස්වා) එමගින් මොවුන්ද, මොවුන්ගේ (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ආහාරයට ගත හැකි භෝගද (තණ, ගස් කොලන් ආදිය)ද ඉකුත් කරන්නෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? (මෙය පවා) ඔවුන් අවධානය කර බැලිය යුතු නොවේද |
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْفَتْحُ إِن كُنتُمْ صَادِقِينَ (28) “(පොරොන්දු දෙන ලද තීන්දු දෙන) එම ජයග්‍රාහී (දින) කවදා එන්නේද? ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (එය පැමිණෙන කාලය පවසනු)” යයි ඔවුන් විමසන්නාහ |
قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنظَرُونَ (29) (එයට) ඔබ මෙසේ පවසනු: එම ජයග්‍රාහී දිනයේ කාලය තුළ (එම) ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසය තැබීමෙන් ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත |
فَأَعْرِضْ عَنْهُمْ وَانتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ (30) (දඬුවම ප්‍රමාද කිරීමට) ඔවුන්ට අවකාශයක්ද දෙනු නොලබන්නාහ”. එබැවින් ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර, (එදින) බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුන්ද බලාපොරොත්තුවෙන් සිටින්නන්ය |