الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۚ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ (1) අහස්ද, භූමියද, උත්පාදනය කර දෙකක්, තුනක්, හතරක් අත් තටු වලින් යුත් මලායිකාවරුන්ව (තමන්ගේ) දූත මෙහෙවර ගෙන යන්නන් වශයෙන්ද, පත් කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා. ඔහු කැමති දැය (තම) නිර්මාණයෙන් (පසුද) වැඩි කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි |
مَّا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِن رَّحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِن بَعْدِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ (2) අල්ලාහ් (තම) දයාව මිනිසුන්ට විවෘත කර හැරියහොත් එය වළක්වා දැමිය හැකි අය කිසිවෙකුත් නැත. ඔහු (තම දයාව) වළක්වා ගතහොත් ඉන් පසුව එය යැවිය හැකි අයද කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය |
يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ (3) මිනිසුනේ! ඔබ කෙරෙහි ඇති අල්ලාහ්ගේ වරප්‍රසාදයන් සිතා බලනු. අහසින්ද, භූමියෙන්ද, ඔබට ආහාර ලබා දෙන්නා අල්ලාහ් හැර වෙනත් උත්පාදකයෙකු සිටින්නේද? ඔහු හැර වෙනත් හිමියෙකු (ඇත්තේම) නැත. එබැවින් (ඔහුව හැර දමා) ඔබ කොහේ නම් දුවන්නෙහුද |
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ (4) (නබියේ!) ඔවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මේ අන්දමටම) ඔබට පෙර පැමිණි දූතයින්වද, බොරුකාරයින් බවට පත් කරනු ලැබූහ. අල්ලාහ් වෙතම සියලූ කාරණාවන්ම ගෙන එනු ලැබේ |
يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ (5) මිනිසුනේ! නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය වන්නේය. එබැවින් මෙලොව ජීවිතය (කිසි විටෙකත්) ඔබව රවටා නොදැමිය යුතුය. (ෂෙයිතාන් වන) මායාකාරයාද, අල්ලාහ් ගැන ඔබව රවටා නොදැමිය යුතුය |
إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ (6) නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට සතුරෙකු වශයෙන් සිටින්නේය. එබැවින් ඔහුව ඔබත් සතුරෙකු බවටම ඇර ගනු. ඔහු (තමන්ට අවනත වූ) තම සමූහය ආරාධනා කරන්නේ ඔවුන් නිරාවාසීන් බවට පත් කිරීමටය |
الَّذِينَ كَفَرُوا لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ (7) (ෂෙයිතාන්ව අනුගමනය කර) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට සමාවද ඇත. ඉමහත් වූ ඵලවිපාකද ඇත |
أَفَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ (8) කවුරුන් හට ඔහුගේ නපුරු කාරණාවන් අලංකාරවත් කර පෙන්වනු ලැබ, ඔහුද ඒවා අලංකාරවත් ලෙස දකින්නේද ඔහුද, (කවුරුන් නපුරු ක්‍රියාවන් නපුරු දැය වශයෙන්ම දැක, ඒවායෙන් ඈත් වන්නේද ඔහුද, සම වන්නෙහුද? කිසි විටෙකත් එසේ වන්නේ නැත). නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් කැමැත්තන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. එබැවින් (නබියේ!) ඔවුන් වෙනුවෙන් ඔබ කණගාටු වී ඔබගේ පණ නසා නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය |
وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَىٰ بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ النُّشُورُ (9) අල්ලාහ්ම සුළං යවන්නේය. ඒවා වලාකූළු (ඒ මේ අත) පදවන්නේය. පසුව අපි ඒවා මැරී (වියළී) ගිය පොළොව මතට ඇතුළු කර, (වැස්ස වැසීමට සලස්වා) එමගින් මැරී ගිය භූමියට පණ දෙන්නෙමු. (මරණයට පත් වූවන් විනිශ්චය දිනදී) පණ ලැබී නැගිටින්නේද මේ ආකාරයටය |
مَن كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ۚ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَمَكْرُ أُولَٰئِكَ هُوَ يَبُورُ (10) කවුරුන් (ශ්‍රේෂ්ඨ වූ) ගෞරවය කැමති වන්නේද, (ඔහු අල්ලාහ්ට අවනත වී කටයුතු කළ යුතුය. මන්දයත්) ගෞරවයන් සියල්ලම අල්ලාහ්ටම අයත් දැයයි. (කලිමා තයියිබ්, සලවාත් වැනි) ශුද්ධ වූ වදන් ඔහුගේ සන්නිධානය වෙත නැගෙන්නේය. දැහැමි ක්‍රියාවන් ඔහුම උඩට ඔසවන්නේය. (නබියේ!) කවුරුන් (ඔබට) විපතක් කිරීමට කුමන්ත්‍රණ කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. මොවුන්ගේ කුමන්ත්‍රණ (කිසිම දැයක් ඉතිරි නොවී) විනාශ වී යනු ඇත |
وَاللَّهُ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ (11) අල්ලාහ් ඔබව (ආරම්භයේදී) පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රිය බිඳකින්ද, පසුව (පිරිමි ගැහැණු ජෝඩු) ජෝඩු බවට ඔබව පත් කළේය. ඔහු නොදැනුවත්ව යම්කිසි කාන්තාවක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (ඔහුගේ සටහන්) පුස්තකයේ නොමැතිව, වැඩි කරනු ලබන කිසිවෙකුගේ වයසද වැඩි කරනු ලබන්නේද නැත. ඔහුගේ වයසින් අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මෙය (මේවා සියල්ල දැනගෙන සිටීම) අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි |
وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ (12) (ගංඟා හා මුහුද ආදී) ජලාශයන් දෙකම එක සමාන වන්නේ නැත. එකක් බීමට මිහිරි හා රසවත් ජලයයි. අනික ලූණු හා තිත්ත (රසයෙන් පිරි ජලයයි. මෙසේ මේ දෙකේ ඇති වෙනසක් තිබුණද) මේ දෙකෙන්ම රසවත් මාළු අනුභව කරන්නෙහුය. ඔබ ආභරණ වශයෙන් පැළඳිය හැකි (මුතු පබළු ආදී) දැයද (ඒවායෙන්) ගන්නෙහුය. (බොහොමයක් රටවල් වල ඇති) දෙවියන්ගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගැනීම සඳහා (යාත්‍රා කරන විට, ඔබගේ) නැව ජලය දෙබෑ කරගෙන යනු ඔබ දකින්නෙහුය. (මෙයට) ඔබ කෘතඥ වනු මැනව |
يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ (13) ඔහුම රාත්‍රිය දහවලෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. චන්ද්‍රයාද, සූර්යයාද, (තමන් යටතේ) යටහත් කර තබා ඇත්තේය. (මේවා) සෑම එකක්ම (එය, එයට) නියමිත කාල අවකාශයට අනුව ගමන් කරන්නාහ. මොහුම ඔබගේ දෙවියන් වන අල්ලාහ්ය. සියලූ රාජ්‍යයන් ඔහුට අයත්ය! ඔහු හැර කුමක් ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට එක් අනු ප්‍රමාණයකින් හෝ බලයක් නැත |
إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ (14) ඒවාට ඔබ ආරාධනා කළා වුවද, ඔබගේ ආරාධනාව ඒවායේ සවනට වැටෙන්නේ නැත. ඒවා සවන් දුන්නා වුවද, ඔබට පිළිතුරු දෙන්නේ නැත. විනිශ්චය දිනදී නම්, (ඒවා) ඔබ සමානයන් වශයෙන් තැබීමද, ඒවා ප්‍රතික්ෂේප කර දමනු ඇත. සියල්ල දන්නා (දෙවියන්) මෙන් (එම දෙවිවරුන්) කිසිවක් ඔබට දැනුම් දෙන්නේ නැත |
۞ يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ (15) මිනිසුනේ! (සෑම අවස්ථාවකදීම) අල්ලාහ්ගේ උදව් උපකාරය අවශ්‍ය වූවන් ඔබයි! අල්ලාහ් නම්, (කිසි කලකදී ඔබගේ) අවශ්‍යතාවයක් නොමැත්තකු හා ප්‍රශංසාවට හිමි අයෙකු වශයෙන්ම සිටින්නේය |
إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ (16) ඔහු කැමති වුවහොත් ඔබව විනාශ කර දමා (වෙනත්) අළුත් උත්පාදනයක් ගෙන එනු ඇත |
وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ (17) මෙය අල්ලාහ්ට එතරම් කාර්යයක් නොව |
وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۗ إِنَّمَا تُنذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ ۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِ ۚ وَإِلَى اللَّهِ الْمَصِيرُ (18) (පරලොවදී) කෙනෙකුගේ (පාපයන්ගේ) බර, වෙනත් කෙනෙකු උසුලන්නේම නැත. විශාල බරක් උසුලන්නා එයින් එක් කොටසක් හෝ උසුලන මෙන් (වෙනත් කෙනෙකුට) ආරාධනා කළා වුවද, ඔහු (මොහුගේ) ඥාතියෙක් වූවා වුවද, එයින් සුළු දැයක් හෝ ඔහු උසුලන්නේ නැත. (නබියේ!) ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ කවුරුන් (තමන්ගේ දෑසින්) නොදැක තිබියදී තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කර, සලාතයද නොකඩවා සලාත් කරන්නෝද ඔවුන්ටය. කවුරුන් පරිශුද්ධව සිටින්නේද, ඔහු තමන්ගේ හොඳටම පරිශුද්ධව සිටින්නේය. අල්ලාහ් වෙතම (සියල්ල) යා යුතුව ඇත්තේය |
وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ (19) අන්ධයාද ඇස් පෙණෙන්නාද සමාන වන්නේ නැත |
وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ (20) (එසේම) අන්ධකාරයද ආලෝකයද (සම වන්නේ නැත) |
وَلَا الظِّلُّ وَلَا الْحَرُورُ (21) සෙවනද, අව්වද (සම වන්නේ නැත) |
وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ ۚ إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَاءُ ۖ وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ (22) පණ ඇත්තාද, මරණයට පත් වූවාද සමාන වන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයව සවන් දෙන්නට සලස්වන්නේය. (නබියේ!) සොහොන් වල සිටින අයට සවන් දෙන සේ සැලැස්වීමට ඔබට නොහැකිය |
إِنْ أَنتَ إِلَّا نَذِيرٌ (23) ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නෙකු මිස, (ඒ අකාරයටම කරන මෙන් ඔවුන්ව බල කරන්නට හැකි කෙනෙකු) නොව |
إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۚ وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ (24) (නබියේ!) නියත වශයෙන්ම අපි ඔබව සත්‍යය මගින් ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද යවා ඇත්තෙමු. බිය ගන්වා අනතුරු අඟවන (අපගේ) දූතයා නොපැමිණි කිසිම සමූහයක් (භූමියෙහි) සිටියේ නැත |
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ جَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ (25) (නබියේ!) ඔවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මේ අන්දමටම) ඔවුන්ට පෙර විසූ අයද (තමන් වෙත පැමිණි අපගේ දූතයින්ව) බොරුකාරයින් කළහ. ඔවුන්ගේ දූතයින් පැහැදිලි දැයද (පැහැදිලි සාධකයන්ද) සූබුර් (නමැති) ආලෝකමත් ධර්මයන්ද ඔවුන් වෙත ගෙනැවිත් තිබුණි |
ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا ۖ فَكَيْفَ كَانَ نَكِيرِ (26) පසුව ප්‍රතික්ෂේප කළ ඔවුන්ව මා අල්ලා ගත්තෙමු. (මගේ) දඬුවමේ කෘරත්වය කෙසේ නම් තිබුනේද (යන්න ඔබ අවධානය කර බැලූවෙහිද) |
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ ثَمَرَاتٍ مُّخْتَلِفًا أَلْوَانُهَا ۚ وَمِنَ الْجِبَالِ جُدَدٌ بِيضٌ وَحُمْرٌ مُّخْتَلِفٌ أَلْوَانُهَا وَغَرَابِيبُ سُودٌ (27) (නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ්ම අහසින් වැස්ස පහළ කර තබන්නේය යන්න ඔබ අවධානය කර බැලූවේ නැද්ද? පසුවද, (අල්ලාහ් වන) අපිම එමගින් විවිධ (රසයන්ගෙන්) හා වර්ණයන්ගෙන් යුත් ගෙඩි, පලතුරු ආදිය ඉකුත් කරන්නෙමු. කඳුවල විවිධ වර්ණයන්ගෙන් යුත්, සුදුද, රතුද, තද කළුද තට්ටු තට්ටු වශයෙන් (නිර්මාණය කර ඇත්තෙමු) |
وَمِنَ النَّاسِ وَالدَّوَابِّ وَالْأَنْعَامِ مُخْتَلِفٌ أَلْوَانُهُ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ (28) මිනිසුන්ගෙන්ද, ජීවීන්ගෙන්ද, (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද මේ අන්දමටම විවිධ වර්ණයන් ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ වහලූන්ගෙන් ඔහුට බිය වන්නේ, (බුද්ධිමත්) විද්වතුන්ය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය |
إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلَاةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَّن تَبُورَ (29) කවුරුන් අල්ලාහ්ගේ ධර්මය සමුදීරණය කර, සලාතයද නොකඩවා ඉටු කර, අපි ඔවුන්ට ලබා දුන් දැය රහසින්ද, ප්‍රසිද්ධියේද දානමාන කරමින් සිටින්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිදාක පාඩුවක් නොමැති (ලාභදායී) ව්‍යාපාරයක්ම බලාපොරොත්තු විය හැකිය |
لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُم مِّن فَضْلِهِ ۚ إِنَّهُ غَفُورٌ شَكُورٌ (30) (අල්ලාහ්) ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක පූරණ වශයෙන් ලබා දී, තමන්ගේ දයාවෙන් නැවතත් අධික වශයෙන්ම ලබා දෙන්නේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කෙළෙහිගුණ දන්නෙකු වශයෙන්ම සිටින්නේය |
وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ مِنَ الْكِتَابِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ اللَّهَ بِعِبَادِهِ لَخَبِيرٌ بَصِيرٌ (31) (නබියේ!) අපි ඔබට කුමන ධර්මයක් වහී මගින් ලබා දී ඇත්තෙමුද, එය සත්‍යය එකක් වශයෙන්ද, (ධර්මයන්ගෙන්) තමන්ට පෙර තිබූ දැය සත්‍යය කර තබන්නක් වශයෙන්ද ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව හොඳින් දන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද, සිටින්නේය |
ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ (32) පසුව අපගේ වහලූන්ගෙන් අපි තෝරා ගත් අයව එම ධර්මයන්ට හිමි අය බවට පත් කළෙමු. එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් (එයට වෙනස්කම් කර), තමන්ට තමන්ම හානියක් කර ගත්හ. ඔවුන්ගෙන් (වෙනත්) සමහරෙක් මධ්‍යස්ථ මාර්ගයෙහි ගමන් ගත්හ. ඔවුන්ගෙන් (තවත්) සමහරෙක් නම්, අල්ලාහ්ගේ නියෝගයන්ට අනුව දැහැමි කාරණාවන්හි ඉදිරියෙන්ම සිටින්නාහ. එයම අති විශාල භාග්‍යයක් වන්නේය |
جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ (33) ඔවුන් ස්ථීර වූ ස්වර්ගයන්ට යන්නාහ. මුතු ඔබ්බන ලද රත්‍රන් වළලූ, එහිදී ඔවුන්ට (පරිත්‍යාග වශයෙන්) පළඳවනු ලබන්නාහ. එහි ඔවුන්ගේ ඇඳුම් සියල්ල (මෘදු) සේදයෙන්ම වන්නේය |
وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ (34) තවද ඔවුන් අපගෙන් (සියලූ) දුක් වේදනාවන් පහ කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත් වන්නේය. නියත වශයෙන්ම අපගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කෙළෙහිගුණ දන්නෙකු වශයෙන්ම සිටින්නේය” යයි (ප්‍රශංසා කර) පවසන්නාහ |
الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ (35) “ඔහුම තමන්ගේ දයාවෙන් (ඉතාමත් උසස්) වාසස්ථානයක අපව රැෙඳව්වේය. එහි කිසිම කරදරයක් අපව ස්පර්ශ කරන්නේ නැත. එහි අපට කිසිම ආයාසයක්ද ඇති වන්නේ නැත” (යයිද දික්ර් කරන්නාහ) |
وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِي كُلَّ كَفُورٍ (36) කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කර හැරියෝද, ඔවුන්ට නිරා ගින්නම ලැඛෙනු ඇත. ඔවුන් මරණයට පත් වන අන්දමට (එහි) ඔවුන්ගේ කාරණාව අවසන් කර දමනු ලබන්නේ නැත. (දඬුවම විඳිමින් සිටිනු පිණිස, නොමැරී පණ පිටින්ම සිටින්නාහ). තවද එම දඬුවමෙන් ඔවුන්ට (පොඩියක් හෝ) අඩු කරනු ලබන්නේද නැත. මේ අන්දමටම සියලූ ප්‍රතික්ෂේප කරන්නන්ටද අපි ඵලවිපාක දෙන්නෙමු |
وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ ۖ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ (37) එහි ඔවුන් ඉමහත් සේ ශබ්ද නගා “අපගේ දෙවියනේ! (මෙයින්) අපව පිටමං කර හරිනු. අපි කරමින් තිබූ (නපුරු) දැය නොවන දැහැමි දැයම (මින් පසු) කරන්නෙමු” යයි පවසන්නාහ. (එයට දෙවියන් ඔවුන්ට) “හොඳ වැටහීමක් ලබා ගත හැකි අය, හොඳ වැටහීමක් ලබා ගන්නට ප්‍රමාණවත් දිර්ඝ කාලයක් දක්වා අපි ඔබව එහි (පණ පිටින්) අත්හැර දමා තිබුනේ නැද්ද? තවද (මෙම ධර්මය ගැන) ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙකු නිතැතින්ම ඔබ වෙත පැමිණියේය. (ඔහුව ඔබම ප්‍රතික්ෂේප කර හැරියෙහුය). එබැවින් (නිරයේ දඬුවම) ඔබ විඳිමින් සිටිනු. (ඔබ වැනි) අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත” (යයි පවසනු ඇත) |
إِنَّ اللَّهَ عَالِمُ غَيْبِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ (38) නියත වශයෙන්ම අල්ලාහ් අහස්හිද, භූමියෙහිද සඟවා ඇති දැය හොඳින් දන්නෙකි. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති දැයද හොඳින් දන්නෙකි |
هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ ۚ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًا ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا (39) ඔහුම මෙලොවෙහි ඔබව නියෝජිතයින් බවට නිර්මාණය කළේය. එබැවින් (ඔබගෙන්) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ විනාශය ඔවුන් කෙරෙහිම පවරනු ලැබේ. ප්‍රතික්ෂෙප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ දෙවියන් වෙත කෝපය මිස, (වෙන කිසිවක්) වැඩි කරන්නේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුවක් මිස, (වෙන කිසිවක්) වැඩි කර හරින්නේද නැත |
قُلْ أَرَأَيْتُمْ شُرَكَاءَكُمُ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ أَمْ آتَيْنَاهُمْ كِتَابًا فَهُمْ عَلَىٰ بَيِّنَتٍ مِّنْهُ ۚ بَلْ إِن يَعِدُ الظَّالِمُونَ بَعْضُهُم بَعْضًا إِلَّا غُرُورًا (40) (නබියේ!) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් හැර ඔබ ආරාධනා කරන ඔබගේ දෙවිවරුන්ව ඔබ අවධානය කර බැලූවෙහුද? ඒවා භූමියෙහි කුමක් නම් උත්පාදනය කර ඇත්තේද යන්න ඔබ මා හට පෙන්වනු. නැතහොත් අහස් උත්පාදනය කිරීමෙහි ඔවුන්ට හවුලක් ඇත්තේද? නැතහොත් (ඒවා දෙවිවරුන් යයි පැවසීමට) මොවුන්ට පැහැදිලි වූ (සාධකයන් වශයෙන්) තිබිය හැකි යම්කිසි ධර්මයක් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමුද? (මේ කිසිවක්) නැත. (මෙම දෙවිවරුන් බේරා ගනීවි යයි) මෙම අපරාධකාරයින් ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට දෙන පොරොන්දු සියල්ල පුහු රැවටීම මිස, වෙන කිසිවක් නැත |
۞ إِنَّ اللَّهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالْأَرْضَ أَن تَزُولَا ۚ وَلَئِن زَالَتَا إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِّن بَعْدِهِ ۚ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا (41) අහස් හා භූමිය යන මේ දෙකම (තම සීමාවෙන්) ඈත් නොවන සේ වළක්වාගෙන සිටින්නා නියත වශයෙන්ම අල්ලාහ්ය. (තම සීමාවෙන්) ඒ දෙකම ඇල වීමට ඉදිරිපත් වුවද, ඒවා ඇල නොවන සේ වළක්වා ගන්නා ඔහු මිස, වෙන කිසිවෙකු නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන්ම සිටින්නේය |
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِن جَاءَهُمْ نَذِيرٌ لَّيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى الْأُمَمِ ۖ فَلَمَّا جَاءَهُمْ نَذِيرٌ مَّا زَادَهُمْ إِلَّا نُفُورًا (42) තමන් වෙත බිය ගන්වා අනතුරු අඟවන්නෙකු කවුරුන් හෝ පැමිණෙන්නේ නම්, නියත වශයෙන්ම තමන් අන් සියලූම සමුහයන්ට වඩා ඍජු මාර්ගයෙහි යන්නෙමු යයි (අරාබිවරුන් වන) ඔවුන් අල්ලාහ් කෙරෙහි ඉතාමත් ස්ථීර වූ දිවරුම් කළහ. එහෙත් ඔවුන් වෙත බිය ගන්වා අනතුරු අඟවන්නෙකු පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එය පිළිකුල මිස, වෙන කිසිවක්) වැඩි කර හැරියේ නැත |
اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ ۚ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ ۚ فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ ۚ فَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا ۖ وَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا (43) (තවද ඔවුන්) උඞඟූ වී භූමියෙහි නපුරු කාරණාවන් කිරීමටද කුමන්ත්‍රණ කළහ. නපුරු කුමන්ත්‍රණ, එම නපුරු කුමන්ත්‍රණකරුවන් මිස, (වෙන කිසිවෙකුත්) වට කර ගන්නේ නැත. (විනාශ වී ගිය) පෙර ඉකුත්ව ගිය අයගේ මාර්ගය මිස, (වෙන කිසිම මාර්ගයක යාමට) මොවුන් බලාපොරොත්තු වන්නෙහුද? අල්ලාහ් ඇති කළ මාර්ගයෙහි යම්කිසි වෙනස්කමක් ඔබ නොදකින්නෙහුය. (එසේම) අල්ලාහ් ඇති කළ මාර්ගයෙහි යම්කිසි භේදයක්ද ඔබ නොදකින්නෙහුය |
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً ۚ وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِن شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا (44) භූමියෙහි මොවුන් සංචාරය කර, මොවුන්ට වඩා ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටි මොවුන්ට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වූයේද යන්න දැක්කේ නැද්ද? (පෙර සිටිය අය කොපමණදෝ ශක්තිවන්තයින් වශයෙන් සිටියද, අල්ලාහ්ගේ දඬුවමෙන් බේරීමට නොහැකි විය. මන්දයත්) අහස්හි හෝ භූමියෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කිරීමට නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය |
وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِن دَابَّةٍ وَلَٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا (45) මිනිසුන්ව, ඔවුන් සොයා ගත් (නපුරු) දැය වෙනුවෙන් (එවෙලෙ එවෙලේම) අල්ලාහ් දඬුවම් කරන්නේ නම්, භූමියෙහි කිසිම (මිනිස්) ආත්මයක් හෝ අත්හැර දමන්නේ නැත. එහෙත් ඔවුන්ට නියමිත කරන ලද කාල අවකාශය දක්වාම අත්හැර දමා ඇත්තේය. ඔවුන්ගේ කාල අවකාශය පැමිණෙන විට, (එවෙලේම ඔවුන්ව අල්ලා ගන්නේය). නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය |